mediahumanrights.lk
Local NewsNews

මියගිය අයට පිං පැතීමේ පරිත්‍රාන ධර්ම දේශනය අද නිදහස් චතුරශ්‍රයේදී

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය ජනතාව වෙනුවෙන් පිං අනුමෝදන් කිරිමේ සහ රටට සෙත් පැතීමේ සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනය අද(5) නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය දහස් නමකගේ සහභාගීත්වයෙන් මෙම ධර්ම දේශනාව පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම පුණ්‍යයෝත්සවය සඳහා මහා සංඝරත්නය පස්වරු 05.00ට පමණ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සිට දර්ශණිය පෙරහැරකින් නිදහස් චතුරශ්‍රය කරා වැඩමකරවිමට නියමිතය.
ඉන් අනතුරුව පස්වරු 06.00ට පරිත්‍රාන ධර්ම දේශනනය ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම පිංකම සඳහා සහභාගීවිමට කැමති සැදැහැවතුන්  පස්වරු 05.00ට ප්‍රථම සුදුවතින් සැරසී නිදහස් චතුරශ්‍රය වෙත පැමිණෙන ලෙසද සංවිධායකවරු ආරාධනා කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

විශ්‍රාමිකයින්ට දුම්රිය බලපත් ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් හෙට සිට

Shiran Viraj

අල්ලස් ගත් දොස්තර යළි රිමාන්ඩ්

Shiran Viraj

පොහොට්ටුව අගමැතිටත් උඩින් යයි.. කොරෝනා මෘතදේහ භූමදානයට දෙන බව නොකී බව කියයි..

Shiran Viraj
Translate »