mediahumanrights.lk
Local NewsNews

මව්වරුන්ගේ දිනය ලොකුවට සමරන අපිට පියවරුන්ගේ දිනය අමතකද?

ලෝක පියවරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා.
සෑම වසරකම ජුනි මාසයේ තුන්වන ඉරිදා දිනයයි ලෝක පියවරුන්ගේ දිනය ලෙස සැමරෙන්නේ.
මෙය 1910 දී පමණ ඇමෙරිකාවෙන් ආරම්භ වූ බව සඳහන්. ලොව ඇතැම් රටවල් නොවැම්බර් මස 19 වන දින ලෝක පියවරුන්ගේ දිනය ලෙස සමරන බවද සඳහන්.
ලෝකය පුරා විවිධ රටවල්වල දරුවන් අද දිනයේ තම පියවරුන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.
හෙළ සංස්කෘතිය පදනම් කරගත් ශ්‍රී ලංකාවේද දෙමාපියන්ට සැලකීම ජීවිත දර්ශනයක් වනවා.
පියවරුන්ගේ දින සැමරුමට අපේ රටේ වැඩි අවධානයක් යොමු නොවූනත් මවුවරුන්ගේ දිනය නම් බොහෝ දෙනෙකු වැඩි අවධානයක් යොමු කරමින් සමරනවා.
එහෙත් පිය සෙනෙහස අමතක වුනු යුගයක අද දිනයේදීවත් තම පියාගේ කරුණා මහිමය අපේ දරුවන් සිහිකරන්නේ නම් එය දහසක් පියවරුන්ගේ උන්නතියට හේතුවනු ඇති.
(under the courtesy of nethfm news web)

Related posts

රනිල් වික්‍රමසිහ සහ නරේන්ද්‍ර මෝධි හමුවෙයි

Shiran Viraj

කුරුණෑගල නගරාධිපති ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්න : නීතිපතිගෙන් උපදෙස්

Shiran Viraj

උපන්දින සුබ පැතුමට මෝදිගෙන් පිළිතුරු

Shiran Viraj
Translate »