28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
International NewsNews

බ්‍රිතාන්‍යට ගැළවීමක් නැති වෙයි – තවත් ප්‍රහාරයක් එල්ල වෙලා

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනාවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අනෙකුත් විද්‍යුත් ලිපින ගිණුම්වලට පිවිසීමට නොහැකිව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් සිකුරාදා රාත්‍රියේ තොරතුරු වාර්තා වී ඇති නමුදු තම ගිණුම්වලට පිවිසීමට හෝ විද්‍යුත් ලිපින පණිවිඩ ලබාගැනීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබෙන්නේ ඊයේ  (24) දිනයේයි.
වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු විද්‍යුත් ලිපින ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් හදිසි පණිවිඩ තිබේ නම් කෙටි පණිවිඩයක් යොමු කරන්නැයි  ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ ක්‍රිස් රෙනාඩ් ට්විටර් පණිවිඩයක් තබමින් ද සඳහන් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් කියා සිටියා.
හැකර්කරුවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ නිලධාරීන්ගේ විද්‍යුත් ලිපින ගිණුම්වල රහස්‍ය අංක අන්තර්ජාලයේ විකිණීමට දමා ඇතැයි ද වාර්තා වී තිබූ අතර මේ සම්බන්ධයෙන් කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබුණා.
පසුගියදා ද රටවල් 150ක පරිගණක පද්ධති 230,000ක් පමණ අකර්මණ්‍ය කරමින් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර වෛරසය මගින් ඇමෙරිකාව, එක්සත් රාජධානිය, චීනය, ඉතාලිය, ස්පාඤ්ඤය, තායිවානය, රුසියාව වැනි රටවලට වැඩි හානියක් සිදු වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ සයිටම් ශිෂ්‍ය දෙමව්පිය සංසදය අත්සන් තැබූ යෝජනා ක්‍රියාත්මක කරන්නලු

Shiran Viraj

“දඩාස්‌ ගාලා පුතා පින්තූර ගොඩට වැටුණා, ලේලිගේ බෙල්ලේ තිබුණු ලණුවත් කැපුවා” මාතරම හඬවා අවසන් ගමන් ගිය යුවළ

Shiran Viraj

පොහොට්ටුව ඇතුලු පක්ෂ කිහිපයක නාම යෝජනා ඉවතට

Shiran Viraj
Translate »