2025-12-10
mediahumanrights.lk
Local NewsNews

බන්ධනාගාරයේදී ඥාණසාර හිමියන් ඝාතනය කිරීමේ සැළසුමක් හෙලිවෙයි – සිරගතව සිටි අපරාධකරුවෙකුගෙන් හෙළිදරව්වක්

බන්ධනාගාර ගතව සිටින අපරාධකරුවන් කිහිප දෙනෙකු විසින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඝාතනය කර ආගම් බේදයක් ඇතිකිරීමේ සැලැස්මක් සම්බන්ධයෙන් ලද පැමිණීල්ලකට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය ඊයේ (31) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.
බොදු බල සේනා සංවිධානයේ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දිලන්ත කුමාර විතනාගේ මහතා  විසින් පොලිස්පතිවරයාට සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය තම කොට්ඨාසය වෙත භාරදී ඇති බවත්, සිරගතව සිට පැමිණී පුද්ගලයකු  විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියකට අදාළව මෙම පැමිණිල්ල ලැබී ඇති බවත් එම කොට්ඨාසය වැඩිදුර බී වාර්තාවක් මගින් අධිකරණයට කරුනු ඉදිරිපත් කර ඇත.
එසේම, මෙම සිරගතව සිටි පුද්ගලයා  විසින් ඉකුත් 2015 වර්ෂයේදී මේ සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත්වරයකු වෙත රහස් ප‍්‍රකාශයක් ද ලබා දී තිබූ අතර, බන්ධනාගාරය තුළ සිට අපරාධකරුවන් විසින් අපරාධ මෙහෙයවීමට අවස්ථාව සලසා දෙන්නේ බන්ධනාගාර  නිලධාරීන් බැවින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුම්වත් කිරිම සඳහා මෙම ලිපිය යොමු කර තිබූ බවටත් එහි සඳහන්ව ඇතැයි පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
(under the courtesy of nethfm news web)

Related posts

අද (18) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Shiran Viraj

රියදුරු වැරදි 32කට ලකුණු ක‍්‍රමය එයි.. බලපත‍්‍රය අහෝසි වන ලකුණු ක‍්‍රමය මෙන්න…

Shiran Viraj

කොරෝනා මැද යුරෝපය සංචාරක කර්මාන්තය යළි අරඹයි – සංචාරකයන්ට පැනවූ බාධාත් ඉවත් කෙරේ

Shiran Viraj
Translate »