mediahumanrights.lk
Local News News

පොසොන් වෙනුවෙන් දුම්රිය සූදානම්

පොසොන් උත්සවය වෙනුවෙන් මෙම මස 06 වැනිදා සිට කොළඹ කොටුව සහ අනුරාධපුරය අතර විශේෂ දුම්රිය සේවා ක‍්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ජුනි මස 08 සහ 09 යන දිනයන්හිදි අනුරාධපුරය සහ මිහින්තලය අතර විශේෂ දුම්රිය වාර 72ක් ධාවනය කිරිමට ද කටයුතු යොදා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මීට අමතරව එම දිනවලදී අනුරාධපුර – මැදවච්චිය සහ අනුරාධපුර – මහව අතර ද විශේෂ දුම්රියන් ධාවනය කිරිමට කටයුතු යොදා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

සුව ඇමති හෙට මාලෙ යයි

Shiran Viraj

අගමැති හෝ ආණ්ඩු වෙනසක් නෑ..ජනපති කතානායකට යලිත් අවධාරණය කරයි..

Shiran Viraj

වෙසක් සමයේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තහනම්…

Shiran Viraj