27.8 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයක් යටතේ පවත්වන්න තීරණයක්

පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකමතිකව අදාළ තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඊයේ(19) රාත්‍රී පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ තිබේ.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුමුඛ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් සහ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී ඇති බව වාර්තාවේ.
මෙහිදි පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබේ.
නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව ද මෙම සාකච්ඡාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
බලය බෙදිම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබදව මෙහිදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟතාවයකට පැමිණ ඇති අතර ඉදිරියේ දී මේ පිළිබද තවදුරටත් සාකච්ඡා කිරීමට යෝජනා වී තිබේ.
නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර කඩිනමින් අවසන් එකඟතාවයකට පැමිණීමට මෙහිදි යෝජනා වී ඇති බව වාර්තා වේ.
(under the courtesy of adaderana news web)

Related posts

“එක රටකට තිබිය හැක්කේ එක නීතියයි, අන්තවාදීන්ට යටත් නොවන ලෙස මැතිවරණ ක්‍රමයත් සංශෝධනය කරනවා” ජනපතිතුමන් සිදුකළ සම්පූර්ණ දේශනය

Shiran Viraj

ලංකාවේ ළමයින් 50%ක් බඩගින්නේ…- UNICEF

Shiran Viraj

6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2027 දක්වා කල් දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි

Shiran Viraj
Translate »