mediahumanrights.lk
International News News

තෙරේසාට උපදෙස් දුන් ප්‍රබලයින් දෙදෙනෙක් පක්ෂය හැර යයි

බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ උපදේශකයින් දෙදෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ අගමැති කාර්ය මණ්ඩලයේ ප‍්‍රධාන උපදේශකයෙකු වන නික් තිමති සහ එම උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක් වන ෆියෝනා හීල් මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි.
තම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා මේ වනවිට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරිය වෙත ලිඛිත දැනුම් දීමක් ද සිදු කර තිබෙනවා.
ඉකුත් බ‍්‍රහස්පතින්දා පැවති බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයෙන් කන්සර්වේටිව් පක්ෂයට බහුතර බලය අහිමි වීම නිසා ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
බහුතර බලය අහිමි වීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට පක්ෂ අභ්‍යන්තරයෙන්ම චෝදනා එල්ල වුණා.
මේ අතර කන්සර්වේටිව් පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බි‍්‍රතාන්‍ය ඩිමොක‍්‍රටික් යුනියනිස්ට් පක්ෂය තීරණයකර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

හෙට උදේ ඇදිරි නීතිය ඉවත් කර හවස යලි පනවයි…

Shiran Viraj

බැඳුම්කර කොමිසමෙන් හරස් ප‍්‍රශ්න අසන්නට නියෝජ්‍ය ඇමති අවසර පතයි

Shiran Viraj

පාඨලී චම්පිකගේ පාලන කාලයේ ගල් අඟුරු මිළදී ගැනීමේදී රුපියල් බිලියන 1.1ක පාඩුවක් සිදුවෙලා- කෝප් කමිටුව

Shiran Viraj