24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
Local NewsNews

තැපැල් වර්ජනයත් ඇරඹෙයි

තැපැල් සේවකයින් අද (27) අලුයම සිට වර්ජනයක් ආරම්භ කළා. ඒ පෞරාණික තැපැල් කාර්යාල, හෝටල් ව්‍යාපෘති සඳහා ලබා දීමට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.
විසි පන්දහසකට ආසන්න තැපැල් සේවකයින් පිරිසක් මෙම වර්ජනයට එක්ව සිටින බවයි තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර නෙත් නිවුස් වෙත කියා සිටියේ.
තැපැල් කටයුතු ඇන හිටීම වෙනුවෙන් සිදුවන අපහසුතාවන් පිළිබඳව ද ඔහු කරුණු දැක් වූවා. එහිදී ඔහු සඳහන් කළේ මෙම වර්ජනය හේතුවෙන් සමස්ත රටේම අර්බුධ රැසක් මතුවෙන බවයි. පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ ඉල්ලුම්පත්‍ර කැඳවීම, විවිධ විභාග සඳහා ප්‍රවේශපත්‍ර මේ දිනවල තැපෑල හරහා හුවමාරු වෙමින් ඇති බවද සඳහන් කළා.
කෙසේ වෙතත් තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් කියා සිටියේ අත්‍යවශ්‍ය සේවාවන් ක‍්‍රියාත්මක කිරීමට සිය අමාත්‍යංශය පියවර ගෙන ඇති බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

අර්ථ සාධක මුදල් ගිණුමට ලැබුනාද ? නව ක්‍රමවේදයක් ඇරඹීමට කැබිනට් අනුමැතිය

Shiran Viraj

වියළි කාළගුණය හේතුවෙන් යලි මතුවන නටබුන්

Shiran Viraj

පොළී මුදලාලි නීති විරෝධී නැහැ – ජ්‍යෙ.නි. මහ බැංකු අධිපති කියයි

Shiran Viraj
Translate »