mediahumanrights.lk
Local NewsNews

ත්‍රී රෝද ගාස්තුව ජූලි 10 සිට රු.10න් ඉහළට

ජූලි මස 10 වන දින සිට බලපැවැත්වෙන පරිදි ත්‍රී රෝද කුලී ගාස්තුව පළමු කිලෝමීටරයට  රුපියල් 10න් වැඩිකරන බව ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රී රෝද රථ සංගමය පවසයි.
එහි  සභාපති සුනිල් ජයවර්ධන මහතා කියා සිටියේ මේවන විට ත්‍රී රෝද රථ අමතර කොටස්වල මිල ඉහළ ගොස් ඇති බව හා ඒ නිසා වෘත්තීය ත්‍රී රෝද රථ රියදුරන් දැඩි ආර්ථික අපහසුතාවන්ට පත්ව ඇති බවයි.
එම නිසා ජනතාවට වඩා හොඳ ප්‍රවාහන සේවයක් සැපයීමේ අරමුණෙන් පළමු කිලෝ මීටරයේ මිල රු.10 න් ඉහළ නංවා ඇති නමුත්, දෙවන කිලෝ මීටරයේ සිට සුපුරුදු ලෙස රු.40 බැගින් අය කරන බවත් ඔහු කියා සිටියේ අද (17) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
පිට පළාත්වලින් කොළඹ නගරයට ඇතුළු වන ත්‍රී රෝද රථ හා නීති විරෝධී ලෙස හොර පාරෙන් ලබා ගත් බලපත්‍ර මගින් හෝ දඩ කොළ වලින් දුවන ත්‍රී රෝද රථ නිසාත්, වෘත්තීය රියදුරු නොවන පිරිස් නිසාත් බස්නාහිර පළාත තුළ රථ වාහන තදබදය ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..

Shiran Viraj

තෙවැනි පාසල් වාරය අද ඇරැඹේ

Shiran Viraj

සල්ලි අච්චු ගහන්න කොල ගන්න සල්ලි නෑ..- ප‍්‍රබල ඇමති හෙලි කරයි…

Shiran Viraj
Translate »