mediahumanrights.lk
Local NewsNews

ඩෙංගු රෝගීන් ඉහළ යෑම නිසා කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා හෙට සිට හමුදා සහය ලබාගැනීමට පියවර

ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සමග කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා හෙට සිට හමුදා සහය ලබාගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පස්වරුවේ පැවැති ඩෙංගු මර්දනය කිරීමේ විශේෂ මෙහෙයුම් ආරම්භ කිරීම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට එක්වූ ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන් උපදෙස් ලබාදුන්නේ පැරසිටමෝල් වර්ග හැර අනෙකුත් වේදනානාශක උණ රෝගය සඳහා භාවිතා නොකරන ලෙසයි.
එමෙන්ම පෞද්ගලික රෝහල්වල නේවාසික ගාස්තු, පරීක්ෂණ ගාස්තු ඇතුලූ සියලූම අයකිරීම් ඉදිරියේදී නියාමනය කරන බවද එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.
(under the courtesy of hirunews news web)

Related posts

ජිනීවා සම අනුග්‍රාහක යෝජනාවෙන් රජය ඉවත් වෙනවා : අගමැති නිවේදනය කරයි

Shiran Viraj

කුවේට් සිට පැමිණි 18ක් ඩුබායි සිට පැමිණි 17ක් සමග ඊයේ හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 61ක්

Shiran Viraj

Soon you'll be able to travel from London to Scotland in just 45 minutes

Shiran Viraj
Translate »