28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

ජාති ජාතිත් පිරිමි ගැනම හිතන ජින්ජර්

ජින්ජර් ජාති ජාති පිරිමි කවුරු ගැනද මේ කියන්න හදන්නේ?
ඔක්‌කොම පිරිමි ගැන තමයි ඉතිං….චන්ද්‍රදාස ප්‍රනාන්දු තමයි මේ ගීතය ලියන්නේ. සුනිල් පෙරේරාගේ ගීත හුඟක්‌ ලිව්වෙත් ඔහු. මේ ගීතයේ සංගීතය හාර කෝටිය ගීතයේ සංගීතය කරපු සන්ෆ්ලවර් එකේ කී බෝඩ් කරන දිනේෂ්.
ඇයි පිරිමි ගැන සිංදුවක්‌ කරන්න හිතුවේ?
පිරිමි ගැන සිංදුවක්‌ නොකර කොහොමද.
බලං ගියාම ජින්ජර්ගේ සින්දුවලින් වැඩි හරියක්‌ පිරිමි ගැන කියෑවෙන ගීතනේ?
ඔව්නේ එස්‌. එම්. එස්‌. කැරකි කැරකි
මෙතරම් පිරිමි ගැනම කියෑවෙන ගීත කරන්නේ ඇයි?
කාලෝචිතයි කියලත් හිතෙනවා. අනික මගේ ගොඩක්‌ රසිකයෝ කොල්ලෝ. මේ සැරේ ජාති ජාති ගීතය කරන්න හිතුවෙත් මට හිතුනා මෙදා සැරේ කොල්ලන්ට හොඳ සින්දුවක්‌ දෙන්න ඕන කියලා.
ඔබ නිර්මාණ වලදී සික්‌ස්‌ එයිට්‌ ගීතවලට වැඩි නැඹුරුවක්‌ දක්‌වනවා නේද?
ඒ කාලේ ඉඳන්ම සික්‌ස්‌ එයිට්‌ කරන සෙට්‌ එක හරිම අඩුයි. නමුත් මේ කලාවට ප්‍රසංග වේදිකාවේ ලොකු ඉල්ලුමක්‌ තියෙනවා.
ආදර ගීත කරන්න කැමැති නැතිද?
ආදර ගීත කරන්න බැරිකමක්‌ නැහැ. නමුත් ගොඩක්‌ අය ජින්ජර් කිව්වම බලාපොරොත්තු වෙන්නේ වේදිකාවේදී නටන්න පුළුවන් ගීත . ඉතිං ඒක නතර කරනවා කියන්නේ මං එයාලටත් කරන අසාධාරණයක්‌.
විදෙස්‌ සංචාර යන්නේ නැද්ද?
ඇත්තම කියනවා නං මම තමයි විදෙස්‌ සංචාර අඩුවෙන්ම යන ගායිකාව. මගේ ගාණත් ඒකට හේතුවක්‌.
ජින්ජර් කියන්නේ ඉඳලා හිටලා සින්දුවක්‌ කරන වැඩිය පේන්න නැති ගායිකාවක්‌ කිව්වොත් ?
ඇත්තටම මම රූපවාහිනියේ අඩුවෙන්ම පෙනී සිටින කෙනෙක්‌. අනික මාධ්‍යයෙන් එකෙන් උලූප්පන ගායකයෝ ඉන්නවනේ. ඒ රැල්ලට යන ගායකයෝ. දැන් මම ගත්තම මම මගේ වෘත්තීය පටන් ගන්නේ වේදිකාවෙන්. අනික මම කිසිම මාධ්‍යයකට බැඳිලා නෑ. මගේ සිංදු මාධ්‍යයේ විකාශනය වෙන්නෙත් නෑ. මගේ මාර්කට්‌ එක තියෙන්නේ ප්‍රසංග වේදිකාවේ. අනික කොහොමත් නිතර දකින කුකුළගේ කරමලේ සුදුයි නේ. ඉතිං මම කියන්නේ මාව දකින්න ඕන නං ප්‍රසංගවලට එන්න කියලා.
ගමන් බිමන් යන්නේ වෙස්‌ වලාගෙන නේද?
අනිවාර්යයෙන්…. කාටවත් මාව දැක්‌කට අඳුනන්න බෑ. වෙලාවකට සමහර අය කොහේදි හරි මාව දැක්‌කම ඇවිත් මටම කියනවා ඔයා ටිකක්‌ ජින්ජර් වගේ කියලා. මං ඉතිං ස්‌තූතියි කියලා කියනවා.
ඇත්ත නම මොකක්‌ද?
මගේ ඇත්ත නම ජුඩිත් ඩෙබ්‍රා. වයිට්‌ කියන නමත් මගේ ඇත්ත නමේ තියෙනවා. මම කවදාවත් ජනප්‍රියත්වය අවියක්‌ කරගත්ත කෙනෙක්‌ නෙමෙයි.
ගීතවලට රූප රචනා නොකරපු එකම ගායිකාව ඔබද?
ඔව්නේ. දැනට නැහැ. අවශ්‍යමයි කියලා මම හිතන්නෙත් නෑ. කවදාහරි කළොත් කරන්නේ හාස්‍ය මුසු වීඩියෝ එකක්‌.
දැන් රඟපාන්නේ නැද්ද?
මොන දේ කළත් මම කැමතිම දේ ගායනය විතරයි.
කොණ්‌ඩේ නඩත්තු කරන්න කොච්චර වියදමක්‌ යනවද?
ඇත්තටම මේ කොණ්‌ඩ විලාසිතාව නඩත්තු කරන්න තරමක්‌ වියදමක්‌ යනවා. ඒ කියන්නේ මම ඩුබායි ගිහිං තමයි මේ විලාසිතාව කරගෙන ආවේ. ඒ වියදම තමයි ඉතිං. අනික අපේ රටේ කාලගුණය නිසා ටිකක්‌ අමාරුයි. මොකද දූවිල්ලෙන් ටිකක්‌ පරිස්‌සං කරගන්න ඕන.
hair style එක වෙනස්‌ කරන්න අදහසක්‌ නැද්ද?
එක සැරයක්‌ උත්සහ කළා. හැමෝම කිව්වේ මේ විදිහට ඉන්න කියලා. ඉතිං මටත් හිතුණා ජින්ජර් ඇත්තටම හැදෙන්නේ ඒ කොන්ඩෙත් එක්‌ක කියලා. ජින්ජර් නමයි ඒ පෙනුමයි දෙක එකට යනවා. නැත්නං ඉතිං ලනුව තියෙනවා කනුව නෑ වගේ. දැන් මේ hair style එකට අවුරුදු දාහතරක්‌ විතර වෙනවා. එක අතකට ඉතිං අකමැති මනුස්‌සයෙක්‌ එක්‌ක පවුල් කනවා වගේ තමයි, ලේසි නෑ.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

මැතිවරණ පනත් සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න සූදානම්

Shiran Viraj

එජාපයේ සභාපති තනතුර වජිරට හිමිවෙයි : මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

Shiran Viraj

"සම්බන්ධන්ට වඩා මම දෙමල ජනතාවට සේවය කළා" – ගෝඨාගෙන් ප්‍රකාශයක්

Shiran Viraj