32.2 C
Colombo
2026-09-29
mediahumanrights.lk
Local NewsNews

ජනපතිට හූනියම් කළ තඹ පත්‍රිකාව රැගෙන යයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වින කරමින් සිදුකළ බව කියන හූනියමක් සහිත තඹ පත්‍රිකාවක් තරුණයන් දෙදෙනකුට හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
අදාළ හූනියම සහිත තඹ පත්‍රිකාවේ ජනපතිට අමතරව අමාත්‍ය දුමින්ද දිසානායකගේ සහෝදරයන් තිදෙනාගේ සහ පළාත් සභා මන්ත්‍රිවරුන් දෙදෙනකු සමඟ තවත් අයෙකුගේ නම් කොටා ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම තඹ පත්‍රිකාව මීට දින දෙකකට පෙර තරුණයන් දෙදෙනෙකුට හමුවී තිබු‍ණේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සුසාන භූමියකිනි. ඒ අවට තවත් උපකරණ සහ ද්‍රව්‍ය කිහිපයක්ද තිබී සොයාගෙන තිබෙනවා.
පදවිය-කැබිතිගොල්ලෑව ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටි පහළ උස්ගල්ල සොහොන් පිටියක තිබියදීයි මෙම තඹ පත්‍රිකාව හමුවී ඇති අතර  ජනපතිවරයාගේ සහ එහි නම් සඳහන් අයගේ රූපසටහන්ද එම පත්‍රිකාවේ ඇඳ ඇති බවටයි වාර්තා වුණේ.
කෙසේවෙතත් මෙහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීම සහ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මෙම හූනියම සහිත තඹ ප්‍රත්‍රිකාව කැබැතිගොල්ලෑව පොලිසිය පැමිණ රැගෙන ගොස් තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

'පැරදුනහම නිදහසට කරුණු වැඩක්‌ නැහැ' සනත් ජයසූරිය

Shiran Viraj

දන්දිනා වැදු නාලිනී හැදු රනිල් රාජපක්‍ෂගේ අවසානය බිහිසුණුයි..- හිරුණිකා අමුතු ඇගිලි සංඥාවක් පෙන්වමින්

Shiran Viraj

බීමතින් නාගයෙකුට හාදුදෙන්න උත්සහ කළ පුද්ගලයාට නාගයා දෂ්ඨ කිරීමෙන් ජිවිතක්ෂයට

Shiran Viraj
Translate »