mediahumanrights.lk
LIFELIFE NEWSNews

කඳුලැස්‌ස සහ සහිඳලුනුවලින් සුදු කබරවලට ආලේපයක්‌

ප්‍රශ්නය – වැසි සමය එළඹ තිබෙනවා. මෙවැනි වකවානුවකදී සුදු කබර රෝග තත්ත්වය වැඩි වෙනවාද?
වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස – සාමාන්‍යයෙන් සුදු කබර රෝග තත්ත්වය වැඩි වෙන්නේ පායන කාලයටයි. හැබැයි මෙය රෝගියාට සාපේක්‍ෂව වෙනස්‌ වන්නට පුළුවන්. මා ඊට උදාහරණයක්‌ කියන්නම්. සමහර ඇදුම රෝගීන්ට රෝගය උත්සන්න වන්නේ පායන කාලයේදී තවත් සමහරකුට වැසි කාලයේදී රෝගය වැඩි වෙනවා. සමහරකට දූවිල්ල නිසා රෝගය වැඩි වෙනවා.
තව කෙනකුට අධික ශීතල නිසා රෝගය වැඩි වෙනවා. සුදු කබර රෝගයේත් මේ තත්ත්වය දැකිය හැකියි.
ප්‍රශ්නය – මෙවැනි කාලයකදී සුදු කබර සඳහා ඔබ යෝජනා කරන ඖෂධය කුමක්‌ද?
වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස – කඳුලැස්‌ස කියන ඖෂධීය ශාකයෙන් සාදා ගන්නා ආලේපයක්‌ පාවිච්චි කළ හැකියි. කඳුලැස්‌ස ගහේ පස්‌ පංගුව අමුවෙන් අරගෙන සහිඳ ලුනු දමා ඇඹරිය යුතුයි. සහිඳ ලුනු යෙදිය යුත්තේ කඳුලැස්‌ස ග්‍රෑම් 25 කට සහිඳ ලුණු ග්‍රෑම් 2 – 3 අතර ප්‍රමාණයක්‌. මෙසේ අඹරාගත් ආලේපය උදේ සවස සුදු කබර මත ආලේප කළ යුතුයි. කඳුලැස්‌ස කියන්නේ මාංශ භක්‍ෂක ශාකයක්‌. චර්ම රෝග, ආහාර විෂවීම් නිසා හට ගන්නා පලු, ඉන්නන්, ගල් තැලුම් යනාදියට ප්‍රතිකාර කිරීම සඳහා කඳුලැස්‌ස යොදා ගන්නවා. සහිඳ ලුණු කියන්නේ ක්‍ෂාරයක්‌. මෙය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Rock laSt යන නමින්. කඳුලැස්‌ස සහ සහිඳ ලුණු එකතු වුණාම හැදෙන මිශ්‍රණය ඉතාම බලගතුයි. තියුණුයි. සුදු කබර පැල්ලම් මත ප්‍රතික්‍රියා කරන්නට එයට පුළුවන්. විශේෂයෙන් ම වැසි සමය පවතින කාලයක, ගංවතුර වැනි තත්ත්වයකදී කුෂ්ට රෝග හටගන්නා කාලයක ඒවාට තුඩුදෙන පාරිසරික තත්ත්වයට මුහුණ දෙමින් ක්‍රියාත්මක වීමට මේ මිශ්‍රණයට පුළුවන්.
නොමිලේ විස්‌තර 037 494 0866/ 071 4257711
divaina.com

Related posts

අගමැති වියට්නාම නිල සංචාරය අරඹයි

Shiran Viraj

Covid – 19 එන්නත් ජාවාරමේ පෙරමුණ ගැනීමට ලොව බළවතුන් පොරකයි.

Shiran Viraj

ගල් අගුරු ගුවනින් මත්තලට ගෙන්වා එතැනින් අධිවේගයෙන් නොරොච්චෝලට ගේනන්ත් පුළුවන්..

Shiran Viraj
Translate »