2026-08-14
mediahumanrights.lk
SportsSports News

ඉන්දියාව එක්දින තරඟ ඉතිහාසය වෙනස් කරමින් වාර්තා පොත් අලුත් කරයි

පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර බටහිර ඉන්දීය කොදෙව් දේශයේ කුවින්ස් පාක් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවති දෙවන එක්දින තරඟය ජය ගන්නට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
ඉන්දීය කණ්ඩායම මෙම තරඟය ජය ගත්තේ එක්දින තරඟ ඉතිහාසය වෙනස් කරමින්, නව ලෝක වාර්තාවක් සමගින් වීම විශේෂත්වයක්.
ඒ එක්දින තරඟවලදී වැඩිම වාර සංඛ්‍යාවක දී ලකුණු 300 සීමාව පසුකර ගිය කණ්ඩායම බවට පත්වෙමින්.
එම තරඟයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 310ක් ලබා ගත්තේ කඩුලු 05ක් පමණක් දැවී තිබියදීයි.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම එක්දින තරඟ 96කදී ලකුණු 300 සීමාව පසුකර ගොස් තිබෙනවා.
ඉන්දීය කණ්ඩායම මෙම වාර්තාව පිහිටුවීමට පෙර එම වාර්තාවට හිමිකම් කිවේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි.
ඕස්ට්‍රේලියාව ඒ අනුව තරඟ 95කදී  ලකුණු 300 සීමාව පසුකර ගොස් ඇති අවස්ථා සංඛ්‍යාව 95ක්.
එම සටහනේ තුන්වන ස්ථානය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාවට සමත්ව ඇති අතර ඔවුන් අවස්ථා 77කදී එම සිමාව පසුකර තිබෙනවා.
පාකිස්ථානය එම සටහනේ සිව්වන ස්ථානයේ පසුවන අතර ශ්‍රීලංකාවට එම සටහනේ පස්වන ස්ථානය හිමිව ඇත්තේ එක්දින තරඟ 63කදී ලකුණු 300 සීමාව පසුකර යමින්.
ඉන්දියාව ලෝක වාර්තාව පිහිටවූ තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
https://www.youtube.com/watch?v=XqzFV4eV77o
(under the courtesy of hirunews news web)

Related posts

මැතිවරණය අවලංගු කිරීම එජාපය රට පුරා සමරයි..සතුට වැඩිකමට කොළඹත් රැළියක්..

Shiran Viraj

මීටර් 100 සහය දිවීමෙන් ශ්‍රී ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවෝ සාග් පිටියේ ජය කෙහෙළි නංවති

Shiran Viraj

LPL තරග උණුසුම මැද පිරමිඩයේ සෙලෝටේප් ඔතයි..

Shiran Viraj
Translate »