mediahumanrights.lk
Business Business News News

ආර්ථික වර්ධනය ගැන ලෝක බැංකුවෙන් නව වාර්තාවක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මේ වසරේදී සියයට 4.7 දක්වා ඉහළ යනු ඇති බව ලෝක බැංකුව පවසනවා.
ගෝලීය ආර්ථික ප්‍රවනතා පිළිබදව ලෝක බැංකුව මගින් නිකුත් කර ඇති නවතම වාර්තාවේ දැක්වෙන පරිදි 2018 වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය සියයට 5 ඉක්මවා යනු ඇති.
දකුණු ආසියාතික කලාපය සැලකූ විට මේ වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 6.8ක් වනු ඇති බවත්, 2018 වසරේ දී එය සියයට 7.1 දක්වා ඉහළ යනු ඇති බවත්, ලෝක බැංකුව නිකුත් කළ එම නව වාර්තාවේ සඳහන්.
ඉන්දියාවේ ආර්ථිකය මේ වසරේදී සියයට 7.2ක් ලෙසත් ලබන වසරේදී 7.5ක් ලෙසත් ඉහළ වර්ධනයක් ලබනු ඇති බවයි ලෝක බැංකු වාර්තාවේ දැක්වෙන්නේ.
(under the courtesy of hirunews news web)

Related posts

පළමු අවසන් පූර්ව තරඟය අද

Shiran Viraj

ධම්මික පෙරේරාට විරුද්දව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. පැරදුනොත් මන්ත‍්‍රීකම අහෝසියි..

Shiran Viraj

කුසල් මෙන්ඩිස් යනු ලංකාවේ විරාත් කෝලි.. ඔහු කෝලිගේ ෆොටෝ කොපියයි…- ක‍්‍රිකට් විචාරක වතුරේගම

Shiran Viraj