30.6 C
Colombo
2026-09-09
mediahumanrights.lk
International NewsNews

අමෙරිකානු යුද නැවක් අනතුරේ – 7 ක් අතුරුදහන්

අමෙරිකානු යුද නැවක් ජපන් මුහුදේදී පිලිපීනයට අයත් කන්ටේනර් නෞකාවක ගැටී සිදුවූ අනතුරකින් අමෙරිකානු නාවිකයින් 7දෙනෙකු අතුරුදහන් වී තිබේ.
නෞකාවේ අණ දෙන නිලධාරියාද තවත් ඇතුළත් පිරිසක් තුවාල ලබා ඇති අතර ඔවුන් හෙළිකොප්ටර් යානා ආධාරයෙන් ගුවන් මගින් රෝහල් ගත කර ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.
අමෙරිකා එක්සත් ජනපදයේ නාවික මෙහෙයුම් ප්‍රධානි අද්මිරාල් ජෝන් රිචඩ්සන් පවසා ඇත්තේ ලැබෙන තොරතුරු අනතුරට පත් සාමාජිකයින්ගේ  පවුල් සමග බෙදාහදා ගනිමින් වහා ගත යුතු පියවර ගනිමින් සිටින බවයි.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ලොව බලගතුම යුද නෞකාවන්ගෙන් එකක් බවත්, තාක්ෂණික වශයෙන් ඉතා දියුණු රේඩාර් පද්ධතියක් ඊට අයත් බවත් පෙන්වා දෙන ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසන්නේ එහෙව් යාත්‍රාවක් අනතුර මගහරවා ගැනීමට ක්‍රියා නොකළේ මන්ද යන්න පිළිබඳ ගැටළුවක් පවතින බවයි.

(under the courtesy of adaderana news web)

Related posts

සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කම් වෙන්දේසියේ යටි අරමුණක් ක‍්‍රීඩා ඇමති හෙළි කරයි

Shiran Viraj

වැඩිකළ විශ්‍රාම වැටුප අත්හිටුවීමට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට දින නියම කෙරේ

Shiran Viraj

දිනකට බෝල්පොයින්ට් පෑන් හිස් බට කිලෝ 80ක් පරිසරයට මුදා හැරේ

Shiran Viraj
Translate »