mediahumanrights.lk
Local NewsNewsPolitical

අක්ෂි කාච වංචාවක් ඇමති රාජිත හෙළිකරයි

අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් අක්ෂි කාච මිල අඩු කළද එහි නියම ලාභය ජනතාවට නොලැබෙන බවට පැමිණිලි ලැබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවට ලබා දුන් ලාභය අක්ෂි කාච අළෙවි සමාගම් සහ ඇතැම් අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන් විසින් බෙදා ගන්නා බවයි.
අක්ෂි කාච අළෙවි සමාගම් 38කින් අළෙවි කරන කාච වර්ගවල මිල ගණන් මේ වන විට අඩු කර තිබෙනවා.
ඉන් පාරිභෝගිකයන්ට රුපියල් 2000ක පමණ ලාභයක් හිමිව තිබෙනවා.
එහෙත් අක්ෂි කාච මිලදී ගැනීමේ දී පාරිභෝගිකයාට ඊට වඩා ලාභයක් ලැබිය යුතු බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

පාසල ඉදිරිපිට සුදු ඉරේදී සිසුවියන් බසයට යටවී මරුට… දෙදෙනෙකුට බරපතලයි…

Shiran Viraj

ජනපති මෛත්‍රීපාලට විරුද්ධ නෑ – ආණ්ඩුවේ වැඩවලටයි විරුද්ධ – බැසිල් කියයි

Shiran Viraj

පොලිසිය අසලම තිබූ මත්පැන් අලෙවිසැල කඩා මත්පැන් බෝතල් සොරාගෙන යයි…

Shiran Viraj
Translate »