25.6 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

හිමිනමක් විසින් ඇසිල්ලකින් ගැඹුරු ජලයට පැන වටිනා ජීවිතයක් බේරාගත් හැටි මෙන්න

තම ජීවිතය ගැන පවා කිසිදු තැකීමක් සිදුනොකර දියේ ගිලීමට ගිය ජීවිතයක්  හිමිනමක් විසින් බේරාගත් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස තම දිවි පරදුවට තැබූ හිමියන් බදුල්ලේ උඩ කොහොවිල විහරයේ වැඩවාසය කරන වෙහෙරයායේ විමලසාර ස්වාමීන් වහන්සේ බවටයි වාර්තා කර ඇත්තේ.
අදාළ සිදුවීම පසුගියදා සිදුව ඇත්තේ අනුරාධපුර ප්‍රදෙශයේදීයි.
පිරිසක් ජයගඟේ දිය නෑමට සකස් කර ඇති ස්ථානයක දිය නෑමට ගොස් ඇති අතර එහි සිටි අයෙකු අදාල සීමාවෙන් පිටතට නොදැනීම ගමන්කර තිබීම හේතුවෙන් එම පුද්ගලයා දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ මොහොතේ අසල මාර්ගයේ සිටි විමලසාර හිමියන් එක්වරම ගැඹුරු ජලයට පනින්නේ තම දිවි පරදුවට තබමින්.
අවසානයේ හිමියන් විසින් මහත් පරිශ්‍රමයක් දරා දියේ ගිලීමට ගිය පුද්ගලයා ගොඩට රැගෙනවිත් තිබෙනවා.
එම අවස්ථාව දැක්වෙන ජංගම දුරකතනයකින් රූගත කර සමාජ මාධ්‍ය වෙත එක්කර තිබූ එම වීඩියෝව පහතින්.
(under the courtesy of hirunews news web)

Related posts

මං අගමැති වෙන්න අද වුනත් සූදානම්…- සජිත් මාධ්‍ය හමුවක

Shiran Viraj

ශ‍්‍රීලනිප මූලස්ථානයේ කාර්යාලයකට සිල් තියයි…

Shiran Viraj

චන්න බොරු කියන බව සුදර්ශනී කියයි..

Shiran Viraj
Translate »