27.2 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

වායු සමීකරණ භාවිතයට ළගදීම අලූත් නීතියක්

වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතයට අදාළව නව චක‍්‍රලේඛයක් ගෙන එන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය පවසනවා.
විදුලිය ඉතිරි කිරීමේ උපක‍්‍රමයක් ලෙස මෙම නව රෙගුලාසි ගෙන එන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
විදුලිය ඉතිරි කරන්නන් සදහා විශේෂ වරප‍්‍රසාද ලබාදීමට අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස් කර ඇති බවද අමාත්‍යවරයා පවසනවා.
විදුලිය ඉතිරි කරන කර්මාන්ත ශාලා සදහා විශේෂ සහන ලබාදීමට පියවර ගන්නා බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
සූර්ය බලශක්තිය ලබාදීමට අදාළ නව චක‍්‍රලේඛයක්ද ඉදිරියේදී ගෙනඑන බවයි අමාත්‍යවරයා මෙහිදි සදහන් කළේ.
සූර්ය බලශක්තිය ලබාගැනීම සදහා අවශ්‍ය වන්නේ වර්ග අඩි 40 ට වැඩි වහලයක් සහිත නිවසක් පමණක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

කථානායක නිර්මාණය කළ ව්‍යවස්ථා අර්බුදයට විසඳුම මහමැතිවරණයක් පමණයි – ජාතික සංවිධානවලින් තර්කානුකූල විග්‍රහයක්

Shiran Viraj

ජවිපෙ ලොක්කන්ගේ දරුවන් තොග පිටින් පුද්ගලික සරසවිවල..

Shiran Viraj

ආශු මාරංසිහ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වේ…

Shiran Viraj
Translate »