32.8 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

වර්ජනය වාර්තා කිරීමට ගිය මාතර හිරු මාධ්‍යවේදියාට පහරදීමක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) දින දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති සංකේත වර්ජනය වාර්තා කිරීමට ගිය මාතර හිරු වාර්තාකරුට මාතර මහ රෝහලේදී පහර දීමක් සිදුව තිබෙනවා.
වර්ජනය සම්බන්ධයෙන් වාර්තාකිරීමට යාමේදී රෝහලේ ආරක්ෂක අංශ නිලධාරීන් කිහිපදෙනෙක් එක්ව අප වාර්තාකරුට මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
පහරදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියා පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඔහු මේ වනවිට මාතර මහ රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබන බව සඳහන්.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඳ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සිරගත කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වීමට එරෙහිව සහ තවත් කරුණු 04ක් මුල් කරගනිමින් එම සංගමයට අයත් වෛද්‍යවරුන් දීප ව්‍යාප්තව ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.
අද (22) උදෑසන 8ට ආරම්භ වූ මෙම වර්ජනය හෙට උදෑසන 8 දක්වා ක්‍රියාත්මකයි.
(under the courtesy of hirunews news web)

Related posts

ඉන්ධන හිගයක් හදන කුමන්ත‍්‍රණයක් තිබෙනවා..

Shiran Viraj

වෙසක් සමයේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තහනම්…

Shiran Viraj

දුම්රිය හරස් මාර්ගය හරහා ගිය කැබ්රථය දුම්රියේ ගැටී දරුවකු මිය යයි.. පියා ඇතුලු දෙදෙනෙකුට බරපතලයි…

Shiran Viraj
Translate »