mediahumanrights.lk
Local NewsNews

නිල්වලා ගඟ පාලනයෙන් තොර වෙයි – මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරයි

නිල්වලා ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වය පාලනය කළ නොහැකි මට්ටමට පැමිණ ඇති බව නිලධාරීන් පෙන්වා දෙනවා.
මේ අනුව අකුරැස්ස සිට මාතර නගරය දක්වා නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශවාසීන්ට ඉවත්ව යන ලෙස තවදුරටත් දැනුම් දී ඇති බවයි වාර්තා වෙන්නේ.
ගොඩගම, හිත්තටිය, තුඩාව, මාලිම්බඩ, සිරිපානාගොඩ, මාදුරුදූව, පරහත්ගොඩ, කද්දූව යන නිල්වලා ගංඟවේ පහළ ද්‍රෝණිය ආසන්න හා ඒ අවට ප්‍රදේශවල සිටින ජනතාවට මෙහි බලපෑම් එල්ල විය හැකි බවටයි හඳුනාගෙන ඇත්තේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාපවාහන හා ගංවතුර පද්ධති පිළිබඳ නිලධාරීන් විසින් මාතර මහ රෝහලේ රෝගීන් ඉවත් කරගන්නා ලෙසද එම රෝහලට දැනුම් දීමටද කටයුතු කළා.
නිල්වලා ගඟ ආශ්‍රිතව ගොඩනගා ඇති ජලගැලීම් පාලන වේලි ආරක්ෂා කළ නොහැකි තත්ත්වයට පැමිණ ඇති අතර මේ වනවිට එම වේලි මතින් ආරක්ෂිත ප්‍රදේශයට ද ජලය ගලා එමින් පවතින බව තවදුරටත් වාර්තා වෙනවා.
නිලවලා ගඟේ ජල මාපක වෙත ළඟා විය නොහැකි තරමට ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
මාතර මහනාම පාලම ආසන්නයට ගඟේ ජල මට්ටම ඉහළ නැග ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ හේතුවෙන් මාතර මහ රෝහලේ 28 වැනි වාට්ටුවේ රෝගීන් මේ වන විට ඉවත් කර ඇති බවද රෝහල් බලධාරීන් සඳහන් කළා. එම රෝගීන්ව කොටවිල දිසා රෝහල වෙත මාරු කර ඇති බවද සඳහන්.
(under the courtesy of nethfm news web)

Related posts

ජනතාවට පණිවුඩයක් තබමින් ‘ආවා කල්ලිය’ අත්පත්‍රිකා දමා ගිහින්

Shiran Viraj

දුම්රියේ හැපී සරසවි සිසුවෙක් මිය යයි…

Shiran Viraj

අගමැති මහින්ද හා ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡාවක් අද

Shiran Viraj
Translate »