25.6 C
Colombo
2026-10-05
mediahumanrights.lk
NewsSportsSports News

ඩේල් ස්ටේන්ට එංගලන්ත සංචාරය අහිමි වෙයි

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඩේල් ස්ටේන්හට එළඹෙන එංගලන්ත සංචාරය අහිමි වී තිබේ.
ඔහුගේ උරහිසේ පවතින ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් ඔහුට මෙම සංචාරය අහිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පසුගිය නොවැම්බර් මාසයේ ඔස්ට්‍රේලියාව සමඟ පර්ත්හිදි පැවැති තරඟයකදී ඩේල් ස්ටේන්ගේ උරහිසේ අස්ථි බිදිමක් සිදු විය.
අනතුරුව ඔහු සැත්කමකට ද භාජනය කළ අතර සැත්කමින් අනතුරුව ඔහුගේ තත්ත්වය තවමත් සුව වී නොමැති බව වාර්තා වේ.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එංගලන්ත සංචාරය ලබන සතියේ ආරම්භවීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

CID ලොක්‌කන් 4 කට එරෙහිව IP ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Shiran Viraj

මේ ආණ්ඩුව ජනතාව විසින් ආරක්‍ෂා කරනවා..

Shiran Viraj

රෝහල්වල රෝගීන්ට ආහාර සැපයීමත් සීමා වෙයි..

Shiran Viraj
Translate »