mediahumanrights.lk
Local NewsNewsPolitical

ජනපති ඔස්ට්‍රේලියා යන්න සැරසෙයි

ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා ලබන සතියේ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.
මැයි මස 23 වන දින සිට 26 වන දින දක්වා ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මේ අතර ස්වාධීන කොමිෂන් සභාවල ‍ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.
ඊයේ(17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
රාජ්‍ය සේවා, මැතිවරණ, පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, මුදල්, සීමා නිර්ණය සහ ප්‍රසම්පාදන යන කොමිෂන් සභා වල සභාපතිවරුන් සහ ලේකම්වරුන් මෙම සාකච්ඡාවට සහභාගී වී තිබේ.
මෙහිදී එම කොමිෂන් සභාවලට අදාළව නව යෝජනා සහ අදහස් රැසක් ඉදිරිපත් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
කොමිෂන් සභාවල කටයුතු ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටළු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.
සියලු කොමිෂන් සභා වල කටයුතු විධිමත් කිරීමේ වැඩපිළිවෙළ ප්‍රමාදයකින් තොරව ඉටු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පවසා ඇත.
විගණන පනත ඇතුළු පනත් සම්මත කරගැනීම, කාර්ය මණ්ඩල සපුරාගැනීම ඇතුළු අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කරගැනීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.
ඉදිරිපත් කෙරුණු ගැටළු පිළිබඳ අදාළ අංශ සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

විශාල ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අවශ්‍ය ඇයිදැයි ක්‍රිකට් ආයතන කියයි

Shiran Viraj

ට්‍රම්ප්ගේ ගෙදර ප්‍රශ්නයක් – ප්‍රසිද්ධියේම බිරිඳ ඔහුගේ අත ගසාදමයි – Video & Photos

Shiran Viraj

විපක්‍ෂ පිරිසක් සභා ගැබේදී කතානායකට පහර දීමේ උත්සාහයක්..

Shiran Viraj
Translate »