mediahumanrights.lk
Local NewsNewsPolitical

ගයන්ත තවත් බලය ඉල්ලා ජනපති ළඟට යයි

ජනමාධ්‍ය අමාත්‍යංශය සතු ආයතන 03ක් ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය යටතට පවරන්නැයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පවතින රජයේ මුද්‍රණාලය, මුද්‍රණ නීතිගත සංස්ථාව සහ චිත‍්‍රපට සංස්ථාව තමන් යටතට පවරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ.
එම ඉල්ලීම අග‍්‍රාමාත්‍යවරයා වෙත යොමු කරන ලෙස ජනාධිපතිවරයා ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයාට දැනුම් දී තිබෙනවා.
මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශයට තවත් ආයතන කිහිපයක් පැවරීමේ සූදානමක් සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ දී තොරතුරු වාර්තා වුණා. කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ එවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී නොමැති බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

සහනාධාර සහල් කෑ කුකුලන් මියයති..

Shiran Viraj

ඩීසල් නැවක් එයි… පිලිගන්න ඇමති දෙපලක් යයි.. වරායේ සුළු උත්සවයක්…

Shiran Viraj

මහවැලි ගගේ මල සිරුරක් පාවේ..

Shiran Viraj
Translate »