mediahumanrights.lk
Local NewsNews

ගංඟාවල ජල මට්ටම් ඉහළ යමින් පවති – ජනතාවට අවධානයෙන් සිටින්නැයි දන්වයි

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම ද ක‍්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා.
පිටබැද්දර පිහිටි ජල මිනුම් ස්ථානයට අනුව එහි ජල මට්ටම පවතින්නේ මීටර් 2.12 ලෙසයි.
එය මීටර්  3. 35 දක්වා වැඩි වුවහොත් සුළු ගංවතුර මට්ටමක් ඇතිවීමේ අවදානමක් පවතිනවා.
පානදුගම ජල මිනුම් ස්ථානයේදී සිදු කළ ගණනය කිරීම් අනුව අද (25) උදෑසන හය වනවිට ජල මට්ටම පැවතියේ මීටර් 5.08 ක් ලෙසයි.
එය මීටර් 06 දක්වා වැඩි වුවහොත් සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
කෙසේ වෙතත් නිල්වලා ගඟ අවට පහත් බිම්වල වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් සිටිය යුතුයි. මේ අතර කළු, කැළණි සහ ගිං ගඟේ ජල මට්ටම ද ක‍්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා.
(under the courtesy of nethfm news web)

Related posts

කොලඹ මනාප මෙන්න.. විමල් දෙවැනියා කරමින් සරත් වීරසේකර මුල් තැනට..

Shiran Viraj

ප්‍රංශය දේශ සීමා නීති දැඩි කරයි

Shiran Viraj

Travel Update – Detroit named second best city for 2018 travel destinations

Shiran Viraj
Translate »