2026-07-07
mediahumanrights.lk
NewsSportsSports News

කොදෙව්වන්ට ලකුණු 106 ජයක්

පකිස්ථානය සමඟ පැවැති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ලකුණු 106ක ජයක් අත් කර ගැනිමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය.
ලකුණු 188 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය පකිස්ථානු කණ්ඩායමට දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 81ක් පමණයි.
පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් සිය පළමු තරඟයට සහභාගී වූ ෂැනන් ගේබ්‍රියල් ලකුණු 11කට කඩුලු 05ක් දවා ගත්තේය.
බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 312ක් සහ දෙවන ඉනිමේදී ලකුණූ 268ක් ලබා ගත්තේය.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් රොස්ටන් චේස් පළමු ඉනිමේදී ලකුණු 131ක් ලබා ගත් අතර ෂායි හෝබ් දෙවන ඉනිමේදී ලකුණු 90ක් ලබා ගැනිමට සමත් විය.
පාකිස්ථාන කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 393ක් ලබා ගත්තේය.
එහිදී අසාර් අලි ලකුණු 105ක් සහ මිස්බා උල් හක් ලකුණු 99ක් ලබා ගැනිමට සමත් වුයේය.
(under the courtesy of adaderana news web)

Related posts

ජනාධිපති පත් කරන්නත්, ආණ්ඩුවක් පිහිටුවන්නන් අභයාරාම විහාරස්ථානය කේන්ද්‍රස්ථානය වුනා..- අගමැති

Shiran Viraj

අද හවස කොළඹ වටලන්න වාහන 5000ක් එයි! දැඩි රථ වාහන තදබදයක ලකුණු!

Shiran Viraj

මැතිවරණ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයින් 2 ඇතුළු පුද්ගලයින් 20 ක් අත්අඩංගුවට

Shiran Viraj
Translate »