2026-09-07
mediahumanrights.lk
Local NewsNewsPolitical

කුමන ජාතියක්-ආගමක් වුවත් නීති උල්ලංඝණයට ඉඩ නෑ

ජාතිවාදයට හා ආගම්වාදයට කිසි විටෙකත් ඉඩ නොදෙන ලෙසත් යමෙක් ඒ සම්බන්ධයෙන් නීති රීති කඩ කඩ කරන්නේ නම් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට පොලීසියට යුතු කමක් හා වගකීමක් ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද (23) දින අරලියගහ මන්දිරයේ, ජාතික තරුණ සේවා සභාවේ සාර්ථක ව්‍යාපෘති ක්‍රියාත්මක කළ තරුණ තරුණියන් ඇගයීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කුමන ජාතියක් ආගමක් වුවත් රටේ නීති උල්ලංඝණය කිරීමට හැකියාවක් නොමැති බවයි.
මෙහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“රාජපක්ෂා සමයේ ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය අප රටට අහිමි වුණා. එහි වාසිය බංගලාදේශය විසින් අත්පත් කර ගත්තා. දැන් අපට නැවතත් ජී.එස්.පී. ප්ලස් සහනය ලැබී තිබෙනවා. එයින් ප්‍රයෝජන ගෙන ව්‍යාපාර ඇති කර සීඝ්‍ර දියුණුවකට ගමන් කළ යුතුයි. ඒ දියුණුවේ පදනම කුමක්ද? දේශපාලන දියුණුව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමගියයි. කවුරුන් හෝ මේ සමගිය කඩන්නට හදනවා නම් ඊට එරෙහි විය යුතුයි.
බෙදුම්වාදය ඉස්මතු කිරීමට උත්සාහ කර එය අසාර්ථක වූ පසුව ඇතැම් කල්ලි කණ්ඩායම් ආගම්වාදය ඉදිරියට ගෙන රට අස්ථාවර කිරීමට උත්සාහ කරනවා. එමෙන්ම ජාතිවාදය අදින්නට උත්සාහ කරනවා. එවැනි දේට ඉඩදෙන්නට හැකියාවක් නැහැ. අප සියලූදෙනා එක්ව එවැනි ක්‍රියාදාමයන් හෙළා දැකිය යුතුයි.
ශ්‍රී ලාංකිකයන් බෙදන්නට ඉඩදෙන්න බැහැ. ආගම යනු සියලූ දෙනා එක්කරන සංකල්පයක්. ජනතාව අතර බෙදීම් ඇති කරන සංකල්පයක් නොවේ. ආගම්වාදය, ජාතිවාදය ඇති කරන්නට සමහරුන් උත්සාහ කරනවා නම් එය වහාම නතර කළ යුතුයි. ඒ ව්‍යායාමය සඳහා අත්වැල් බැදගැනීමට සියලූදෙනාටම යුතුකමක් තිබෙනවා. සාමය ආරක්ෂා කිරීමට සැමට වගකීමක් තිබෙනවා.“
(under the courtesy of adaderana news web)

Related posts

විග්නේෂ්වරන් යළිත් සටන අරඹයි

Shiran Viraj

වරාය කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ

Shiran Viraj

විනය විරෝධිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා

Shiran Viraj
Translate »