mediahumanrights.lk
Local NewsNews

එච්.අයි.වී බෝවීම ගැන සාවද්‍ය ප්‍රකාශ සමාජගතවෙලා

එච්.අයි.වී ඒඩ්ස් රෝගය බෝවීම සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ සමාජගතව ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය පවසයි.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසුවේ එච්.අයි.වී වෛරස සෛල, මිනිස් ශරීරයෙන් පිටතදී සජීවීව පැවතිය හැකි කාල පරාසය ඉතා අවම බැවින් විවිධ කටු මාර්ගයෙන් එය බෝවීමේ අවධානම ඉතා අල්ප බවය.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ බරවා රෝගය ව්‍යාප්තව පවතින ප්‍රදේශ වල රාත්‍රි කාලයේ රුධිර පටල පරීක්ෂාවක් සිදුවන අතර මෙවැනි අසත්‍ය ප්‍රචාර මඟින් එය සිදුකරගැනීමේ අපහසුතාවක් මතුවීමට ඉඩ ඇති බවය.
(under the courtesy of adaderana news web)

Related posts

ශ්‍රීපාදේ එනවා නම් මේ තැන් වලින් නාන්න එපා – පොලිසිය කියයි

Shiran Viraj

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට රාජපක්‍ෂවරයෙක් පමණයි..

Shiran Viraj

ජනාධිපතියි මාවයි පොහොර යුද පිටිය මැද දමලා අනෙක් ඔක්කොම පැනලා ගියා…

Shiran Viraj
Translate »