28.4 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

අම්මා එක්ක වෙසක් බලන්න ගිය පුංචි දැරියට තරුණයෙක් කරපු කැත වැඩේ

පුංචි ළමුන් වෙසක් කාලේට වෙසක් බලන්න යන්න ආසයි. ඒ විදිහට අම්මා එක්ක වෙසක් බලන්න ගිය අවුරුදු 12ක දැරියකට තරුණයෙක් ලිංගික හිංසනය කරලා. ඒ විදිහට ලිංගික හිංසනය කරලා තියෙන්නේ දැරිය අම්මා එක්ක තොරණක අසිරිය නරඹමින් ඉන්න අවස්ථාවේදීයි.
දැරියක ලිංගික හිංසනයට දෙවතාවක් ලක් වෙද්දී ඒ පිළිබදව මවට පවසලා. ඒ අනුව දැරියගේ මව ඒ අසල සිටි හමුදා භටයකුට සිද්ධිය පවසා තිබෙනවා. හමුදා භටයා විසින් කොල්ලුපිටිය පොලිසියට සිද්ධිය පිළිබඳව දැනුම් දීමෙන් පසු කොල්ලුපිටිය පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේනවා.
ඒ අනුව ලිංගික හිංසනය  සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුව රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර බන්ධනාගාර ගත කළ  තරුණයාව පසුව  ලක්‍ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජීවනී බැද්දෙවෙල මහත්මිය නියෝග කර තිබෙන බව සදහන්.
අදාළ තරුණයා කිලිනොච්චියේ පදිංචි තරුණයෙක් බවද පැවසෙනවා.
කොල්ලුපිටිය පොලිසිය විසින් චෝදනා ගොනු කර තිබෙන බැවින් එම  නඩුවේ විභාගය ඔක්තෝබර් 2 වැනිදා පැවැත්වීමට නියමිතයි.
(under the courtesy of hirunews news web)

Related posts

දේශබන්දුට එරෙහිව මුජිබර් ශ්‍රේෂ්ඨාධිකරණයේ.. පොලිස්පතිකමට අතුරු තහනමක් ඉල්ලයි…

Shiran Viraj

පෙට‍්‍රල් බෝතලය 800ට විකුණයි…

Shiran Viraj

වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණ සේවා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පුළුල් කෙරේ

Shiran Viraj
Translate »