mediahumanrights.lk
Local NewsNewsPolitical

GSP ඉක්මන් සහනය ධීවර ජනතාවට

යුරෝපා කවුන්සිලය විසින් පනවා තිබූ මත්ස්‍ය තහනම ඉවත් කර ඇති බවත්, GSP+ සහනය එළඹෙන සිකුරාදා දින සිට ලැබෙන්නේ නම් ඊට පසු දින සිට මත්ස්‍ය අපනයනය සඳහා සියයට 18 ක් දක්වා පනවා තිබු තීරු බදු සියල්ල ඉවත් වෙන බවත් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද (17) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.
GSPප්ලස් සහනය ලැබීම තුළින් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පොරොන්දුවක් ඉෂ්ඨ කර ඇති බවත් ඒ හරහා බොහෝ භාණ්ඩ සඳහා අපනයන වෙළඳ පොළ තුළ තිබු තීරු බදු ඉවත් කර ගැනීමට හැකියාව ලැබී ඇති බව ද හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.
මේ අතර වැඩ වර්ජන පවත්වමින් උද්ඝෝෂණ සිදු කරමින් රටක් ඉදිරියට යා නොහැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා දැඩි සේ කියා සිටියේ ය.
රටක් සංවර්ධනය කරා යාමට නම් මහන්සි වී වැඩ කළ යුතු බවත් ඒ වෙනුවෙන් කැපවීම ද අත්‍යාවශ්‍ය කටයුත්තක් බව ද ඔහු අවධාරණය කර සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

iPhone 8 off to bumpy start with iPhone X in the wings

Shiran Viraj

යහපාලන රජය සමයේ මෙරට විදුලි බලාගාර ඉදිනොකිරීමෙන් කෝටි 8500ක පාඩුවක්

Shiran Viraj

ඩෙංගු මදුරු ඝනත්වය හය ගුණයකින් ඉහලට

Shiran Viraj
Translate »