2026-01-29
mediahumanrights.lk
Local NewsNews

සෙල්ෆි ඡායාරූපය වෛද්‍යවරයාගේ ජීවන ගමනට තිත තැබූ බව හෙළිවේ

මාකෙලිය ඇල්ල නැරඹීමට ගොස්  මාකෙලි ඇල්ලෙන් ඇද වැටී අතුරුදන් වූ වෛද්‍යවරයාගේ මළ සිරුර ඊයේ හමුවුණා.
මාකෙළි ඇල්ල ජලාශය ආසන්නයේ ගලක්‌ මත නැගී සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී පය ලිස්සා යාමෙන් ඔහු මෙම අනතුරට පත්ව ඇති බවයි බදුරලිය පොලිසිය පවසන්නේ.
27 හැවිරිදි මෙම වෛද්‍යවරයා පය ලිස්සා යාමෙන් ඇල්ල පාමුල පිහිටි ගැඹුරු ස්ථානයකට වැටී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
පසුව ප්‍රදේශවාසීන් සහ නාවික හමුදාව එක්ව සිදුකරන ලද මෙහෙයුම්වලින් අනතුරුවයි ඊයේ මෙම වෛද්‍යවරයාගේ සිරුර හමුවී ඇත්තේ.
දෙමළ භාෂා පුහුණු පාඨමාලාවක්‌ සඳහා අගලවත්ත – ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයට පැමිණි අවස්ථාවේ ඔහු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බව සදහන්.
පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මළ සිරුර නාගොඩ රෝහලට රැගෙන ගිය බව සදහන්.
(under the courtesy of hirunews news web)

Related posts

ඇදිරි නීතියට සූදානම් වෙති.. බාර් ඉදිරියේ දීර්ඝ පෝලිම්…

Shiran Viraj

පූජිත් සහ හේමසිරිට ඇප ලැබේ

Shiran Viraj

පාපැදියේ මිලෙන් ඇස් උඩ ගිය ධර්මරත්නගෙන් හැමෝටම පණිවුඩයක්..

Shiran Viraj
Translate »