mediahumanrights.lk
Local News News

සාගර-නන්දිමිත්‍ර සිංගප්පූරු යයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුද නිරීක්ෂණ නෞකා දෙකක් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.
සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට සහභාගී වීම සඳහා නිලධාරීන් 34 දෙනෙකු හා නාවිකයින් 290 දෙනෙකු සමඟ “ සාගර“ හා “ නන්දිමිත්‍ර “ යන නෞකා ඊයේ(05) කොළඹ වරායෙන් පිටත් වූ බව නාවික හමුදාව පැවසුවේය.
එම නෞකාවන් මැයි මස 12 වනදා සිට 18 වනදා දක්වා සිංගප්පූරුවේ රැදී සිටීමට නියමිත බව සඳහන්ය.
එම සංචාරයේදී යුද නැව් සංදර්ශන, අන්තර් ජාතික සාගරික ආරක්ෂණ සම්මන්ත්‍රණ, ජාත්‍යන්තර මුහුදු ඉංජිනේරු සමුළුව, නාවික හමුදා ජාල වැඩසටහන ආදී වැඩසටහන් පැවැත්වීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ බංකොලොත්ම රට බවට.. ඇෆ්ගනිස්ථානයටත් පහලින්..

Shiran Viraj

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඛනිජ තෙල් වෘත්තීය සමිති විරෝධය පායි

Shiran Viraj

විදේශ සංචිත පහල වැටේ..

Shiran Viraj