24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
Local NewsNews

බිළිඳියකගේ සිරුරක් ලක්ෂපාන දියඇල්ල පහළින් හමුවෙයි – ඇල්ලෙන් පහළට පැන්න මව අතුරුදහන්

ලක්‍ෂපාන දියඇල්ලෙන් පහළට පැන අතුරුදහන්ව සිටින දෙදරු මවක් සොයා අද (25) නෝටන්බි‍්‍රජ් පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ප්‍රදේශවාසීන් ද එක්ව සිටිනවා.
මෙම කාන්තාව ඇයගේ මාස දෙකක් වයසැති සිගිතිය සමග ඊයේ (24)  නෝටන්බි‍්‍රජ් කොත්තැල්ලෙන ප‍්‍රජා ශාලාවට රජය මගින් නොමිලේ ලබා දෙන ති‍්‍රපෝෂා ලබා ගැනිමට ගිය බවත් පසුව යළි නිවසට නොපැමිණි බව පවසමින් ඇයගේ ඥාතින් විිසින් නෝටන්බි‍්‍රජ් පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
ලක්‍ෂපාන දියඇල්ලට ඉහළින් වු ටෙබර්ටන් වතුයායේ පදිංචි අතුරුදහන්වී ඇති කාන්තාව දෙදරු මවක් වන අතර ඇයගේ සැමියා කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක නිරත වන බවයි නෝටන්බි‍්‍රජ් පොලිසිය පවසන්නේ.
නෝටන්බි‍්‍රජ් පොලිසිය මගින් අතුරුදහන්ව ඇති දෙදරු මව සහ සිගිතිය සොයා ඊයේ (24) රාත්‍රියේ සිට මෙහෙයුම් සිදු කළ අතර එම මෙහෙයුමේදී ලක්‍ෂපාන දියඇල්ලට පිවිසෙන පියගැට පෙළ අසල තිබි ඇයගේ බවට සැක කෙරෙන ඇඳුමි කිහිපයක් සොයා ගෙන තිබෙනවා.
ලක්‍ෂපාන දියඇල්ලට පහළින් පොලිසිය හා ප‍්‍රදේශවාසින් සිදුකළ මෙහෙයුමකදි අතුරුදහන්ව සිටි සිගිතියගේ සිරුර අද (25) පෙරවරුවේ ලක්‍ෂපාන දියඇල්ලට පහලින් කොත්තැල්ලෙන පෞද්ගලික ජල විදුලි බලාගාරයට ජලය බෙදා හරින ආරක්‍ෂිත දැලක තිබි පසුව සොයා ගැනුණා.
එම සිගිතියගේ සිරුර ලක්‍ෂපාන ප‍්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර අතුරුදහන්ව සිටින දෙදරු මව සොයා ලක්‍ෂපාන දියඇල්ලට පහළින් කෙසෙල්ගමු ඔයේ පොලිසිය හා ප‍්‍රදේශවාසින් යලිත් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා

Shiran Viraj

විෂය පථයන් ගැසට් කිරීමෙන් පසු පළමු කැබිනට් රැස්වීම අද

Shiran Viraj

අලි අල්ලන මෙහෙයුම අතහැරිය නියෝජ්‍ය ඇමති අලි බලාගන්න ගිහින් (PHOTOS)

Shiran Viraj
Translate »