mediahumanrights.lk
Local NewsNews

අත්හැර දැමූ ධීවර යාත්‍රා 176ක් පවතිනවා

ධීවර වරායන් ආශ්‍රිතව භාවිතයට නොගෙන අත්හැර දමා ඇති ධීවර යාත්‍රා 176ක් පවතින බවට අනාවරණය වී ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.
ඩෙංගු මර්දන වැඩපිළිවෙළට  සමගාමීව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ධීවර වරායන් ආශ්‍රිතව පවතින භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා  පිළිබඳව වාර්තාවක් ලබාගෙන තිබේ.
එහිදී භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා  176ක් පවතින බවට අනාවරණය වී ඇති අතර ඒවා මඟින් මදුරුවන් බෝවිය හැකි බැවින් එම යාත්‍රා විනාශ කිරීමට හෝ මදුරුවන් බෝ නොවන පරිදි ආරක්ෂිත පියවර ගැනීම සිදු කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්වේ.
ඊට අමතරව නැංගුරම් පොළවල්හි ෆයිබර් ග්ලාස් වලින් සකසන ලද, අත්හැර දැමූ හෝ කැඩී බිඳී ගිය ධීවර යාත්‍රා පිළිබඳවද තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බව ධීවර අමාත්‍යාංශය පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

ඉන්දීය ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරය කල්යයි

Shiran Viraj

මන්ත‍්‍රීලාට වාහන බලපත් දෙන්න අනුමැතිය..

Shiran Viraj

වාහන ආනයනයට සූදානම්..- ජනපතිගෙන් ප‍්‍රකාශයක්..

Shiran Viraj
Translate »