2026-08-08
mediahumanrights.lk
Local NewsNews

සෙල්ෆි ඡායාරූපය වෛද්‍යවරයාගේ ජීවන ගමනට තිත තැබූ බව හෙළිවේ

මාකෙලිය ඇල්ල නැරඹීමට ගොස්  මාකෙලි ඇල්ලෙන් ඇද වැටී අතුරුදන් වූ වෛද්‍යවරයාගේ මළ සිරුර ඊයේ හමුවුණා.
මාකෙළි ඇල්ල ජලාශය ආසන්නයේ ගලක්‌ මත නැගී සෙල්ෆි ඡායාරූප ගැනීමට යාමේදී පය ලිස්සා යාමෙන් ඔහු මෙම අනතුරට පත්ව ඇති බවයි බදුරලිය පොලිසිය පවසන්නේ.
27 හැවිරිදි මෙම වෛද්‍යවරයා පය ලිස්සා යාමෙන් ඇල්ල පාමුල පිහිටි ගැඹුරු ස්ථානයකට වැටී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
පසුව ප්‍රදේශවාසීන් සහ නාවික හමුදාව එක්ව සිදුකරන ලද මෙහෙයුම්වලින් අනතුරුවයි ඊයේ මෙම වෛද්‍යවරයාගේ සිරුර හමුවී ඇත්තේ.
දෙමළ භාෂා පුහුණු පාඨමාලාවක්‌ සඳහා අගලවත්ත – ජාතික භාෂා අධ්‍යාපන පුහුණු ආයතනයට පැමිණි අවස්ථාවේ ඔහු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බව සදහන්.
පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මළ සිරුර නාගොඩ රෝහලට රැගෙන ගිය බව සදහන්.
(under the courtesy of hirunews news web)

Related posts

ඩෙංගු රෝගීන් ඉහළ යෑම නිසා කසළ ඉවත් කිරීමේ කටයුතු සඳහා හෙට සිට හමුදා සහය ලබාගැනීමට පියවර

Shiran Viraj

රසාක් – මෛත්‍රී අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා

Shiran Viraj

කරීනා මුස්ලිම් වුණැයි ඉන්දීය සමාජ මාධ්‍ය කැළඹිලා

Shiran Viraj
Translate »