27.8 C
Colombo
2026-07-06
mediahumanrights.lk
Local NewsNews

සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීම ගැන ගිවිසුමක් අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.
නෙදර්ලන්ත රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් අදාළ අවබෝධතා ගිවිසුම් සඳහා අත්සන් තැබූ බව නාවික හමුදාව සඳහන් කළේය.
මෙම ගිවිසුම මඟින් ඉන්දියන් සාගරය ආශ්‍රිතව යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත වෙළඳ නෞකා සඳහා ආරක්ෂක පහසුකම් සැපයීම නාවික හමුදාව වෙත පැවරී තිබේ.
ශ්‍රී ලංකා රජයක් විසින්, වි‍දේශීය රටක් සමග සමුද්‍රීය ආරක්ෂක රාජකාරී සඳහා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ඇති කර ගත් පළමු අවබෝධතා ගිවිසුමද මෙය වීම විශේෂත්වයක් වන බව නාවික හමුදාව සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ශ‍්‍රී ලංකාව පරදා එංගලන්තය ජයගනී…

Shiran Viraj

නව ජනාධිපති පත් කිරීම ගැන පොහොට්ටුවේ නිල මතය මෙන්න…

Shiran Viraj

රටක් බලා සිටි බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගේ ප‍්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කිරීමට සූදානම්

Shiran Viraj
Translate »