mediahumanrights.lk
Local NewsNews

සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීම ගැන ගිවිසුමක් අත්සන් තබයි

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සැපයීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.
නෙදර්ලන්ත රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනිය සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් අදාළ අවබෝධතා ගිවිසුම් සඳහා අත්සන් තැබූ බව නාවික හමුදාව සඳහන් කළේය.
මෙම ගිවිසුම මඟින් ඉන්දියන් සාගරය ආශ්‍රිතව යාත්‍රා කරනු ලබන නෙදර්ලන්ත වෙළඳ නෞකා සඳහා ආරක්ෂක පහසුකම් සැපයීම නාවික හමුදාව වෙත පැවරී තිබේ.
ශ්‍රී ලංකා රජයක් විසින්, වි‍දේශීය රටක් සමග සමුද්‍රීය ආරක්ෂක රාජකාරී සඳහා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ඇති කර ගත් පළමු අවබෝධතා ගිවිසුමද මෙය වීම විශේෂත්වයක් වන බව නාවික හමුදාව සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ශ‍්‍රී ලංකාව ව්‍යවසනයක.. රෝහල් පද්ධතිය පිරිලා.. ඔක්සිජන් ඉල්ලුම ඉහල ගිහින්…- සුදර්ශිනී

Shiran Viraj

දහම් සිරිසේන දේශපාලනයේ සළු වෙයි.. පොලොන්නරු සභාපති වේ..

Shiran Viraj

වෛද්‍යවරු හදිසියේ කාලෝ හමුවීමට යයි

Shiran Viraj
Translate »