mediahumanrights.lk
Local NewsNews

විපතට පත්වුවන් වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය ඉදිරිපත් වෙයි

ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්වූවන්ට සහන සැළසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත්ව  තිබේ.
එම සංවිධානයට අයත් යුනිසෙෆ් සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය සහ ලෝක ආහාර වැඩසටහන සහන සැළසීමට ඉදිරිපත්ව ඇති බව වාර්තා වෙයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් කළ ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර සෙවීම් සහ මුදාගැනීමේ කණ්ඩායමක් මෙරටට එවීමට සැළසුම් කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය ද වෛද්‍ය කණ්ඩායමක් යොමු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.
පාකිස්ථානය ද සහනාධාර තොගයක් මෙරටට එවීමට සූදානම් කර ඇති බව ශ්‍රී ලංකාවේ වැඩබලන පාකිස්ථාන මහ කොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ්ඛාන් මහතා ප්‍රකාශ කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය ද සහන සැළසීමට ඉදිරිපත්ව සිටින බවයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා සඳහන් කර ඇත.
මේ අතර සහනාධාර රැගත් තවත් ඉන්දීය නෞකාවක් අද (28) දිනයේ දිවයිනට පැමිණෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් චමින්ද වලාකුළුගේ මහතා ප්‍රකාශ කළේය.
සහනාධාර රැගත් ඉන්දීය නෞකාවක් ඊයේ(27) කොළඹ වරායට පැමිණි අතර  හෙට(29) දිනයේ තවත් නෞකාවක් පැමිණීමට නියමිතයි.
(under the courtesy of adaderana news web)

Related posts

ඝාතනය වූ සමන් පෙරේරාගේ නිවස පොලිස් පරීක්‍ෂාවට…

Shiran Viraj

සමාජ ජලා මතට VAT බද්ද.. එයත් පාරිභෝගිකයන්ගෙන්..

Shiran Viraj

සමන් රත්නප‍්‍රියට ජනාධිපති ලගම ලොකු පුටුවක්..

Shiran Viraj
Translate »