mediahumanrights.lk
Local News News

විදුලි පාරිභෝගිකයින් සඳහා කාල පාදක ගාස්තු ක්‍රමයක්

ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් සඳහා කාල පාදක ගාස්තු ක්‍රමය දැන් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
සාමාන්‍යයෙන් විදුලි ගාස්තුව තීරණය කිරීමේදී ඒකකයක මිළ වෙනස් වන්නේ භාවිත කරන විදුලි ඒකක ප්‍රමණය අනූවයි. එහෙත් කාලපාදක ගාස්තු ක්‍රමයේදී විදුලිය පරිභෝජනය කරන වේලාව අනුව ඒකකයක මිල වෙනස් වනවා.
කෙසේ වෙතත් මෙම කාලපාදක ගාස්තු ක්‍රමය සෑම විදුලි පාරිභෝගිකයෙකුටම අනිවාර්ය වන්නේ නැහැ.
තමන් කැමති නම් පමණක් මෙය තෝරා ගත හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ සඳහන් කළේ කාල පාදක ගාස්තු ක්‍රමය මගින් වාසි ලබා ගත හැකි ඛාණ්ඩ  ඇති බවයි.
මෙම නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා නව විදුලි මීටරයක් ද සවිකළ යුතු වෙනවා.
ඒ සඳහා වන වියදම පාරිභෝගිකයා විසින් දැරිය යුතුයි.
(under the courtesy of nethfm news web)

Related posts

ජනාධිපති ජාතිය ඇමතීම 08.30ට…

Shiran Viraj

බංග්ලාදේශයට ලකුණු හතලිස් පහක ජයක්

Shiran Viraj

ශ්‍රී ලංකාවේ සුපිරි බලාපොරොත්තුව 'අසේල' බංග්ලාදේශයට යන ලකුණු

Shiran Viraj