2026-09-22
mediahumanrights.lk
Local NewsNews

වැසි අඩු වුනත් නැවතිල්ලක් නැහැ

ඇතැම් ප‍්‍රදේශවලට අදත් මිලි මීටර් 75 ඉක්කමවූ වර්ෂාවක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
තද සුළං සහ අකුණු ගැසීම් ද ඇති විය හැකි බවයි එහි කාර්යයේ නියුතු කළගුණ විද්‍යාඥ දර්ශන ශමිල් පේ‍්‍රමතිලක පැවසුවේ.
එහිදී ඔහු සඳහන් කළේ “අද වැසි තත්ත්වයේ අඩුවක් දක්නට ලැබුණත් නැවතත් නිරිතදිග ප්‍රදේශවලට හෙට සිට අපේක්ෂා කරන්න පුළුවන්. කෙසේවෙතත් අද දින දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි.” යනුවෙනි.
රට වටා මුහුදු ප‍්‍රදේශවල ද අද වරින් වර තද සුළං සහ වැසි ඇති විය හැකියි. ධීවර සහ නාවික ප‍්‍රජාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බව මෙහිදී සිහිපත් කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

මට ඕන විදියට කණ්ඩායම තෝරන්න බෑ – ඇන්ජලෝ මැතිව්ස්

Shiran Viraj

බන්ධනාගාර පහසුකම්ගැන කතානායක විමල්ගෙන් අහයි

Shiran Viraj

යාපනයේ එළවළු දඹුල්ලට

Shiran Viraj
Translate »