28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

වායු සමීකරණ භාවිතයට ළගදීම අලූත් නීතියක්

වායු සමීකරණ යන්ත‍්‍ර භාවිතයට අදාළව නව චක‍්‍රලේඛයක් ගෙන එන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය පවසනවා.
විදුලිය ඉතිරි කිරීමේ උපක‍්‍රමයක් ලෙස මෙම නව රෙගුලාසි ගෙන එන බවයි අමාත්‍යවරයා පවසන්නේ.
විදුලිය ඉතිරි කරන්නන් සදහා විශේෂ වරප‍්‍රසාද ලබාදීමට අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස් කර ඇති බවද අමාත්‍යවරයා පවසනවා.
විදුලිය ඉතිරි කරන කර්මාන්ත ශාලා සදහා විශේෂ සහන ලබාදීමට පියවර ගන්නා බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
සූර්ය බලශක්තිය ලබාදීමට අදාළ නව චක‍්‍රලේඛයක්ද ඉදිරියේදී ගෙනඑන බවයි අමාත්‍යවරයා මෙහිදි සදහන් කළේ.
සූර්ය බලශක්තිය ලබාගැනීම සදහා අවශ්‍ය වන්නේ වර්ග අඩි 40 ට වැඩි වහලයක් සහිත නිවසක් පමණක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ඉල්ලා අස් වුනේ නෑ…

Shiran Viraj

පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…

Shiran Viraj

දේශපාලන අර්බුධය මැද්දේ විපක්ෂ නායක ජනපති හමුවී කියූ කතාව

Shiran Viraj