mediahumanrights.lk
BusinessBusiness NewsLocal NewsNews

වානිජ බැංකුවල බොල් දේපල මහ බැංකුව අමාරුවේ දාලා ?

ලංකාවේ ප්‍රධාන වානිජ බැංකු විසින් සිය ආයතනවල සේවය කරනු ලබන සේවකයන්ට හා හිතමිතුරන්ට ණය දීමේදී උකසට තබාගෙන ඇති දේපලවල වටිනාකම දී ඇති ණයට වඩා අඩුවීම හේතුවෙන් ගැටලු මතුව ඇතැයි මහ බැංකු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
බැංකු විසින් දේපල ණය දීමේදී බොහෝ විට ණය දෙනු ලබන්නේ සින්නක්කර ඔප්පු මත වුවද, සිය සේවකයන්ට ණය දීමේදී ප්‍රකාශන ඔප්පු මත ද ණය දී ඇතැයි වාර්තා වේ.
එසේ දෙන ලද ණය වත්කම් ලෙස මහ බැංකුවට ඉදිරිපත් කිරීම හේතුවෙන් මහ බැංකුව සමස්ත වත්කම් සැකසීමේදී අපහසුතාවට ලක්ව ඇති බව පැවසේ.
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පැවැත්වීමට රජයේ වගකිවයුතු අංශ කටයුතු කර ඇති බවත්, ඉදිරියේදී එසේ ණය දෙන ලද බැංකු කළමනාකරුවන් සම්න්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
(under the courtesy of srilankamirror news web)

Related posts

මංගලගේ හාදුව ගැන රවී කතාකරයි

Shiran Viraj

චන්න බොරු කියන බව සුදර්ශනී කියයි..

Shiran Viraj

මත්පැන් බලපත්‍රයක් අහෝසි නොකලහොත් කිසි අපෙක්ෂකයෙකුට ජන්දය දෙන්නෑ කියමින් විරෝධතා…

Shiran Viraj
Translate »