28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNewsPolitical

රවි ඉවත්කිරිමේ ගල උඩ සටනට සූදානම්..මුදල් ඇමතිකම ගැලෙවුවොත් පසුපෙල මන්ත‍්‍රී වී රෙදි ගලවන බව රවි කියයි..

‘රජයේ සියලු වැරදිවලට මුදල් අමාත්‍ය රවි කරුණානයක වගකිව යුතුය. එම නිසා වහාම ඔහු එම තනතුරින් පහ කල යුතුය’ යන්න මෛත්‍රී පාර්ශ්වයේ එකම බලාපොරොත්තුවය. මේ සඳහා මෛත්‍රී පාර්ශවය වෙනුවෙන් දයාසිරි ජයසේකර, මහින්ද අමරවිර, ලක්ෂමන් යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමඟ සම්බන්ධ වී මෙම අවසාන සටනට සූදානම්ව ඇත.
එහෙත් රවි කරුණායක මේ සඳහා තම සටන දියත් කොට ඇත්තේ මෛත්‍රී ජනාධිපතිවරයා පරද්ද්වන්න ජනවාරි 8 වෙනිදා කටයුතු කල පිරිස තමන් පත් කල ජනාධිපතිවරයා සමඟ එකතුවී හොරකම් කිරීමට ඉඩ නොදෙන නිසා තමා මුදල් අමාත්‍ය ධූරයෙන් පන්නා දැමීමට කටයුතු කරන බවත්ය. එමෙන්ම ජනාධිපතිවරයා විසින් වැරදිලා හෝ එසේ ක්‍රියා කලහොත් තමන් කිසිම තනතුරක් නොගෙන පසු පෙල අසුනක සිට අවශ්‍ය සටන මෙහෙය වන බවයි.
එහෙත් පක්ෂ විපක්ෂ මධ්‍යස්ථ මතධාරීන් ගේ අදහස දැනට ජනාධිපතිවරයාගේ පාර්ශවය කණ්ඩායමේ අය විසින් උසුලන අමාත්‍යාංශයවල ඵලදායිත්වය රනිල් වික්‍රමසිංහ පාර්ශවයට වඩා පහළ මට්ටමේ පවතින බවත් ය. එමෙන්ම මුදල් අමාත්‍යවරයාගේ යම් යම් අඩුපාඩු තිබුනත් සමස්ථයක් හැටියට රවි කරුණානායක චරිතය ඕනම අභියෝගයක් හමුවේ වුව යම් කිසි ඵලදායක වැඩක් කිරීමට වෙහෙස වන බවයි.
කෙසේ වෙතත් මේ සතිය අවසානය වීමට පෙර සිදුවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය මගින් බොහෝ දුරට මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතාට පසු බැසීමට විධායක ජනාධිපති ධූරය හමුවේ සිදු වීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියා හඩ නැගූ පාර්ශවයන්ටම අත් විදීමට සිදු විම දෛවයේ සරදමක් වනු ඇත.
(under the courtesy of lankacnews news web)

Related posts

‘තෝ දැනගනිං, ඉතාලිය මිනිස්සුන්ට ආදරෙයි.. හිරකරල නෑ..’- ඉතාලි නෑම්බියක් නියෝජ්‍ය පොලිස්පතිට බැණ වදී…

Shiran Viraj

චීනය නොතකමින් ඇමරිකා කතානායක තායිවානයේ බහී.. චීනය කෝප වී දැඩි ප‍්‍රකාශයක්.. තවත් ලෝක යුද්දයක් අත උඩ..

Shiran Viraj

පියසිරි රාමනායක වයඹ ක්‍රීඩා ඇමති ධූරයට

Shiran Viraj
Translate »