28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

මනීෂා සහකරුවෙක්‌ තෝරාගන්න එක ගැන තවම හිතුවේ නැතිලු

ඒ වගේ ආරාධනා පිළිගන්න මම වයසින් මුහුකුරා ගිහින් නැහැ
නමින් ඇය මනීෂා වුවත් හැමෝම ඇයට කියන්නෙ තෙරුණි කියලා. බොහෝ දෙනෙක්‌ ඇයව හඳුනාගත්තේ තෙරුණි නිසාවෙන්. තෙරුණි කියන්නෙ සිඳු ටෙලිනාට්‍යයේ මලීගේ සුන්දර දියණිය. කාගෙත් ආකර්ෂණයට ලක්‌වෙන්න තෙරුණි වෙලා මනීෂා ටෙලිඅඹරේ පායා එන්නේ කොහොමද?. .මේ වෙද්දි මනීෂාගේ කලා වියේ අලුත්ම වෙනස්‌කම් මොනවද?. මේ හැම ප්‍රශ්නයක්‌ම අරන් අපි මනීෂව හමුවුණා.
තෙරුණි කියන්නෙ මනීෂාගෙ පළමු රංගනයද ?
මම කඳුරට ගුවන් විදුලියේ ළමා නිවේදිකාවක්‌ විදිහට වැඩ කළා. ඊට පස්‌සෙ මගේ පුංචි අම්මා දෙරණ ලිට්‌ල් ස්‌ටාර් ගායනා අංශයට අයෑදුම්පතක්‌ යොමු කරල මම එම තරගයට ආවා. එම තරගයෙන් ගායනා අංශයෙන් හතරවැනි ස්‌ථානයට ආවා. ඊට පස්‌සෙ දෙරණ ආයතනයේ වැඩසටහන් ඉදිරිපත් කරන්න අවස්‌ථාව ලැබුණා. මේ අතරෙ 2009 වර්ෂයේ මට වස්‌සානේ සිහිනය ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්‌ථාව ලැබුණා. වස්‌සානේ සිහිනය තමයි මගේ පළමු රංගනය.
ඉන් පසුව ඔබ යොමුවෙන්නේ ගායනයට?
ඔව් මම වැඩියෙන් ගායන අංශයේ වැඩ කළ නිසා ගායනයට තමයි වැඩි අවස්‌ථා ලැබුණේ. වී. සිවදාසන් සර්ගෙ දරුවනේ සහ සිංහයා යන චිත්‍රපටවල හා පාටක්‌ නැති ආදරයක්‌ යන චිත්‍රපටවලට පසුබිම් ගායනයෙන් සම්බන්ධ වෙන්න අවස්‌ථාව ලැබුණා.
මනීෂා තමන්ගේම කියා ගීතයක්‌
තවම නිර්මාණය කරල නැහැ නේද ?
ඔව් මම මේ දක්‌වා යුග ගී ගායනයට තමයි එක්‌වෙලා තියෙන්නේ. මම හිතනවා තව ටිකක්‌ කල් අරන් මගේම කියල හොඳ ගීතයක්‌ කළොත් හොඳයි කියලා.
වස්‌සානේ සිහිනයෙන් පසුව මනීෂා සිදූහි තෙරුණි වෙන්නේ ?
මම උසස්‌ පෙළ කරද්දි තමයි නැවත මට රඟපාන්න ඇරයුම් ලැබුණේ. චිත්‍රපටවලට ඇරයුම් ලැබුණා නමුත් මම ඒවා භාරගත්තේ නැහැ. අධ්‍යාපනයට බාධා වෙයි කියලා. පස්‌සෙ උසස්‌පෙළ අවසන් වෙන්න ආසන්න කාලෙ මට සිඳු ටෙලිනාට්‍යයට ඇරයුමක්‌ ලැබුණා. මම මුලින් බැහැ කිව්ව මගේ විභාගේ කටයුතු හරියට කරගන්න බැරිවෙයි කියලා. පස්‌සෙ තමයි කැමති වුණෙ.
සිඳු හරහා ඔබට ලැබුණ විසල් ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ ?
ඔව් සිඳු නිසා මම හිටි ගායන පැත්තෙන් වෙනස්‌ පැත්තකට මාව යොමුවුණා. හැමෝම මා දැනගත්ත ඒ වෙනස නිහතමානීව දරාගන්න තමයි කැමැති.
තෙරුණිට ලැබෙන ජනප්‍රියත්වයත් එක්‌ක මනීෂාට තවත් රංගන ඇරයුම් ලැබෙන්න ඇති නේද ?
නිර්මාණ නම් ලැබුණා ගොඩක්‌. ඒත් එකක්‌ ඉවරවෙලා තවත් නිර්මාණයකට යන එක හොඳයි කියල සිතුන නිසා සිදූ ටෙලිනාට්‍යයේ විතරක්‌ දැනට රඟපානවා.
මනීෂාගේ ඉදිරිය ගායන ද රංගනය ද ?
ඔය අංශ දෙක තුළම සමබරව වැඩ කරන්න මම කැමතියි. මට හිතෙන විදිහට මම ගායනය වගේම රංගනයත් හොඳින් කරනවා කියලා.
පාසල් වේදිකාවෙත් ඒ වෙද්දි මනීෂාට ඉඩ තිබුණද ?
ඔව් මට පාසල් මට්‌ටමේ ගායනා නර්තන හා නාට්‍ය තරගවලට ඉදිරිපත් වුණා. සමහර නිර්මාණවලදී සමස්‌ත ලංකා මට්‌ටම දක්‌වා ඇවිත් තියෙනවා.
මනීෂා අධ්‍යාපනය ලැබුවේ?
මම සාමාන්‍ය පෙළ දක්‌වා නුවර හේමමාලි බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබලා උසස්‌ පෙළ හදාරන්න කොළඹ ශාන්ත ලෝරන්ස්‌ විද්‍යාලයට ආවා. 2015 වර්ෂයේ මම කලා අංශයෙන් උසස්‌ පෙළ විභාගයට පෙනී සිටියා.
මනීෂා කලා ක්‍ෂේත්‍රයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටි කෙනෙක්‌ද ?
පොඩි කාලෙ ඉඳන්ම මම යොමුවුණේ ගායනා අංශයට නිසා ගායන අංශයෙන් ඉදිරියට යන්න කැමැත්තක්‌ තිබුණා. පසුව මට ලැබුණ අවස්‌ථා එක්‌ක මම ගායනයට වගේම රංගනයටත් යොමුවුණා.
මේ වෙද්දි මනීෂා වෘත්තිය කලාකාරිනියක්‌ වෙලාද ?
නැහැ. මගේ රැකියාව රංගය හෝ ගායනය නෙවෙයි. මම මේ වෙද්දි ටීවී දෙරණ හි ලිට්‌ල් ස්‌ටාර් වැඩසටහනේ සහාය නිෂ්පාදිකාවක්‌ විදිහට වැඩ කරනවා.
තරුණ නිළියන් විදිහට මනීෂාට පෙම් ඇරයුම්වලිනුත් අඩුවක්‌ නැතිව ඇති නේ
නිළියක්‌ වුණත් නැතත් තරුණ වයසේදී එවැනි ඇරයුම් ලැබෙන එක සාමාන්‍ය දෙයක්‌ නේ. නමුත් එවැනි ඇරයුම් පිළිගන්න තරම් මම වයසින් හා අත්දැකීම්වලින් මුහුකුරා ගිහින් නැහැ කියලයි මම හිතන්නේ. ජීවිතයට සහකාරයෙක්‌ තෝරගන්න එක අවබෝධයෙන් කළේ නැත්නම් එතැන ජීවිතයක්‌ නැහැ. ඒ නිසා මම තවම ඒ ගැන හිතලා නැහැ.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

ශරීරයට ඇල්පෙනෙත්ති තුඩක පමණවත් හානියක් නොකර අඩු වියදමකින් blocks තිබෙන හදවත් සුව කරන අලුත්ම ක්‍රමය

Shiran Viraj

සිවාජිලිංගම්ගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

Shiran Viraj

අලි සබ්රි මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස් වේ…

Shiran Viraj