mediahumanrights.lk
Local NewsNewsPolitical

ජනපති සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක්

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) රාත‍්‍රියේ පැවැත්වුණා.
ඒ කොළඹ 07 පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේදීයි.
මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද එක්ව තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව කියන කැබිනට් සංශෝධනය පිළිබඳ මෙහිදී සාකච්ඡා වී ඇති බවයි.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීරගේ නිවසේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ හමුවක් සිදුව තිබෙනවා.
එහිදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට වැඩි බලතල සහිත ඇමති ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තාකර තිබුණේ කැබිනට් සංශෝධනයක් අද දිනයේ සිදුවනු ඇති බවයි. කෙසේ වෙතත් එවැනි සංශෝධනයක් අද දිනයේ සිදු නොවනු ඇති බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ජනබලයෙන් කොළඹ රත්වෙද්දී ජනපති පාර්ලිමේන්තුවට.. පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුව වටලාගනී..

Shiran Viraj

‘බ්ලොක්චේන්, ක‍්‍රිප්ටො, මෙටාවර්ස් ’ ලංකාවේ විවෘතයි.. නාමල් වැඩ අරඹයි..

Shiran Viraj

මහර බන්ධනාගාරයේ ගැටුම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක්..- විමල්

Shiran Viraj
Translate »