mediahumanrights.lk
Local NewsNews

ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සමත් විභාගයට

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල ගොනු කළ විශේෂ පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලුණා.
ඒ අනූව එම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර විභාගය මැයි මස 19 වැනිදා දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ.
අදාළ පනතේ ඇතැම් වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප‍්‍රකාශ කරන්නැයි ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.
එම පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් හෝ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවයි පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ.
(under the courtesy of nethfm news web)

Related posts

හොඳම වර්ධනය හා ඵලදායිතාව අතින් විග්නේශ්වරන් එකට එයි- පළමු රන්පදක්කම් 7ම උතුරට

Shiran Viraj

මෝදි එන්නේ වෙසක් සිරි නරඹන්න නෙවෙයි – ඉන්දියාව අපේ ඓතිහාසික සතුරෙක්

Shiran Viraj

මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට ඩෙන්මාර්කය එයි..

Shiran Viraj
Translate »