29.6 C
Colombo
2026-10-08
mediahumanrights.lk
Local NewsNews

ගම්පොල සිද්ධිය-දරුවා සහ මාමා නිදහස් කරන්න ලක්ෂ 30ක් ඉල්ලලාලු

ගම්පොල ප්‍රදේශයේදී පැහැර ගැණුනු අවුරුදු 02යි මාස 08ක් වයසැති දරුවා සහ 26 හැවිරිදි පුද්ගලයා නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 30ක මුදලක් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ගම්පොල, ගඟවටපාර ප්‍රදේශයේ කුඩා දරුවෙකු සමඟ අතුරුදන් වූ එම දරුවාගේ ඥාති පුද්ගලයා විසින් අදාළ දරුවා පැහැරගෙන ගොස් ඇති බවට අනාවරණය වී ඇති බව පොලිස් මූලස්ථානය ඊයේ ප්‍රකාශ කළේය.
පසුගිය(03) දා පස්වරුවේ එම දරුවාගේ මව විසින් ගම්පොල පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලක් අනුව පොලීසිය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබුණි.
අදාළ කාන්තාව සිය ස්වාමි පුරුෂයාගේ දිවා ආහාරය එම ඥාති පුද්ගලයා හරහා  යොමු කිරීමට පියවර ගෙන  තිබූ අතර දරුවාද එම පුද්ගලයා සමඟ යෑමට අවශ්‍යම බව ප්‍රකාශ කිරීම හේතුවෙන් දරුවා ඔහු සමඟ පිටත් කර හැරීමට මව පියවර ගෙන තිබුණි.
කෙසේවෙතත් අදාළ පුද්ගලයා දරුවා සමඟ ස්වාමි පුරුෂයා හමුවීමට නොගොස් පළා ගොස් ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
එම ඥාති පුද්ගලයා මානසික ආබාධයකින් පෙලෙන අයෙකු බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව දරුවා සැක කරුගෙන් කඩිනමින් මුදා ගැනීම සහ සැකකරු අත්අඩංගුවට ගැනීමට ගම්පොල පොලීසියයේ නිලධාරීන් කණ්ඩායමක් මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානය පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

කොරෝනා වෛරසයෙන් ‍ලොව පුරා මිය ගිය ගණන 50000 ඉක්මවයි

Shiran Viraj

මට ලක්ෂ 20 කට වඩා වියදම් වුණා – ඖෂධේ හදන එක නවතනවා – ධම්මික

Shiran Viraj

රූපවාහිනී ලාංඡනයෙන් සැළලිහිණියා පියඹා යයිද..? රටම කතාකළ පුවත ගැන රූපවාහිනියෙන් නිවේදනයක්..!

Shiran Viraj
Translate »