31 C
Colombo
2026-10-05
mediahumanrights.lk
BusinessBusiness NewsNews

කෘෂිකර්මාන්තයට ණය යෝජනා ක්‍රමයක්

කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ සහ වාණිජකරණයට පහසුකම් සැපයීමේ අරමුණින් රන් අස්වැන්න නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ගොවීන්, ගොවි සංවිධාන, කෘෂිකර්මාන්තය ආශ්‍රිත සැකසුම්කරණ ආයතන, මත්ස්‍ය වගාකරුවන් සහ විසිතුරු මල් වගාකරුවන්ට  සහන පොලී අනුපාතයක් යටතේ මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 750 ක් දක්වා උපරිම ණය මුදලක් ලබාගත හැකි අතර ණය ආපසු ගෙවීමේ කාලය වසර 5ක්.
රජය මේ යටතේ පොලී සහනාධාර ගෙවීම වෙනුවෙන් මේ වසරේදී රුපියල් මිලියන 925 ක් වෙන්කර තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

මට ගහපු එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ කියා මගේ කේන්දරේ තියෙනවා.. විජේදාසත් ලගදිම ඉවරයි..

Shiran Viraj

මුඛ ආවරණ නොපළඳින අයට අද සිට වැඩ වරදියි

Shiran Viraj

විදුලිය බිද වැටීම සුළු දෙයක්.. ඒකට ඇමති ඉල්ලා අස්වෙන්න උවමනා නෑ..

Shiran Viraj
Translate »