mediahumanrights.lk
BusinessBusiness NewsNews

කෘෂිකර්මාන්තයට ණය යෝජනා ක්‍රමයක්

කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව ඉහළ නැංවීමේ සහ වාණිජකරණයට පහසුකම් සැපයීමේ අරමුණින් රන් අස්වැන්න නමින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ගොවීන්, ගොවි සංවිධාන, කෘෂිකර්මාන්තය ආශ්‍රිත සැකසුම්කරණ ආයතන, මත්ස්‍ය වගාකරුවන් සහ විසිතුරු මල් වගාකරුවන්ට  සහන පොලී අනුපාතයක් යටතේ මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 750 ක් දක්වා උපරිම ණය මුදලක් ලබාගත හැකි අතර ණය ආපසු ගෙවීමේ කාලය වසර 5ක්.
රජය මේ යටතේ පොලී සහනාධාර ගෙවීම වෙනුවෙන් මේ වසරේදී රුපියල් මිලියන 925 ක් වෙන්කර තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

පළමු තරගයේදීම නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය කඩා වැටේ

Shiran Viraj

යාපනය බලකොටුවේ හමුදා කඳවුරු එපා

Shiran Viraj

රන්වල උපාධි සහතිකය ගේන්න ගිහින් අදට මාස දෙකයි..

Shiran Viraj
Translate »