26.7 C
Colombo
2026-09-18
mediahumanrights.lk
Local NewsNews

කප්පම්කරු හා පොලිස් නිලධාරියා පොර බදිද්දී ගිනි අවිය පත්තු වෙලා – දෙදෙනාම රෝහලේ

ලක්ෂ 30 ක කප්පම් මුදලක් ලබා ගැනීමට පැමිණි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා සිදු කළ පොලිස් වැටලිමකදී ගිනි අවියක් ක්‍රියාත්මක වී එක් පොලිස් නිලධාරීයෙකු තුවාල ලබා තිබෙනවා.
සැකකරු පැන යෑමට ගත් ප්‍රයත්නයකදී මෙලෙස පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක‍්‍රියාත්මක වි තිබෙනවා.
පොලිසිය පවසන පරිදි මෙම සිදුවීම සිදුව ඇත්තේ කෑගල්ල බල්ලපාන ස්ටොස් නැමැති වෙළෙඳ ව්‍යාපාරයෙන් රුපියල් ලක්ෂ 30 ක කප්පමක් ඉල්ලා ඇති සිද්ධියක් පිළිබඳව සිදු කළ මෙහෙයුමකදීයි.
පසුගිය 23 වැනිදා මෙම කප්පම් මුදල ඉල්ලා ඇති බවට කෑගල්ල මූලස්ථාන පොලිසියට එම වෙළෙඳ ව්‍යාපාරිකයා පැමිණිලි කර තිබුණා.  ඊයේ (24) රාත‍්‍රීයේ එම මුදල ලබා දෙන බවට වෙළෙඳ ව්‍යාපාරිකයා විසින් කප්පම් කල්ලියට ඇමතුමක් ගෙන දන්වා තිබෙනවා.
ඒ අනුව මෙම මුදල ගැනිමට පැමිණෙන කප්පම් කල්ලිය කොටු කර ගැනිමට පොලිස් කණ්ඩායමක් සුදානමින් කෑගල්ල, හෙට්ටිමුල්ල ගම්සභා හන්දියේ සැඟවී සිට තිබෙනවා.
ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගත් උත්සහයේදී එක් සැකකරුවෙකු පළා ගොස් තිබෙනවා. එහිදී අනෙක් සැකකරු සමග පොලිස් නිලධාරියෙකු පොර බදින අවස්ථාවේදී මෙලෙස ස්වංක්‍රීය ගිනි අවිය ක්‍රියාත්මක වී තිබෙනවා.
නිලධාරියෙකුගේ පාදයකට වෙඩි උණ්ඩයක් වැදි ඇති අතර ඔහුව කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ අතර සැකකරුද පොර බැදීමේදී ඇති වූ තුවාල හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

Covid 19 නිසා බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මරුට

Shiran Viraj

මුහුදේ සුලන් වේගය වැඩි වෙයි

Shiran Viraj

කඩදාසි ඉවරයි.. ජනවාරි සිට විදුලි බිල SMS මගින්…

Shiran Viraj
Translate »